ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපති මෛත්‍රීගෙන් භෝජන සංග්‍රහයක්..

Spread the love

දකුණු අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් විස්සයි-20 තරගාවලි ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරිහූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

පැමිණ සිටි පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ ජනාධිපති සිරිසේන මහතා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
මේ අවස්ථාවට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ආසියානු ක්‍රිකට් සභාවේ සභාපති ෂාරියාර් ඛාන්, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමාත්‍ය නස්මුල් හසන් සහ එහි විධායක නිලධාරී නිසාම් උද්දින් චෞද්රි යන මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝද සහභාගී වී සිටියහ.

[rns_reactions]