ශිරාල් සහ මලික් රහස් ගනුදෙනුවකින් එජාපයේ බලකණු හොල්ලන මෙහෙයුමක්

Spread the love

දේශපාලන භූමිය නොසන්සුන්ය. එජාපය ඇතුලත සහ ශ්‍රීලනිපය ඇතුලත තැනින් තැන රහස් කථා සහ විවිධ ගනුදෙනු සිදුවන යුගයකි. මෙය එවන් කථා අතර අරුම පුදුම ගනු දෙනුවකි. එනම් එකිනෙකාට නොපෑහෙන චරිත දෙකක් සිදුකල ඩීල් ගනුදෙනුවක් පිළිබඳ කතාවකි.

එජාපයේ මලික් සමරවික්‍රම සහ එජාපයේ සිට රනිල් වික්‍රමසිංහ විසින් පන්නා දමනු ලැබූ ශිරාල් ලක්තිලක අතර ගනුදෙනුවකි. මූලික හේතුව වශයෙන් සඳහන්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහට හිතවත් එජාප ජ්‍යෙෂ්ඨයන් අඩපණ කිරීමට ශිරාල්ට ඇති උනන්දුව වෙනුවෙන් මලික් සමරවික්‍රම ගෙනයන මෙහෙයුමකි. මේ සඳහා මලික් සමරවික්‍රම අයතා ක්‍රම මගින් උපයා ගන්නා ඩොලර් කුට්ටි විසි කරමින් රනිල් තනි කිරීමට රවී කරුණානායක ඈත් කිරීම එක් උපක්‍රමයකි.

රනිල් වික්‍රමසිංහ සහ ශිරාල් ලක්තිලක අතර ඇති හිතයට ආරෝව මෙයට හේතුවයි. ශිරාල් වත්මන්ව ජනපතිවරයා යටතේ අසීමාන්තික බලතල සහිතව කටයුතු කරන අතර, ඒ බලතල උපයෝගී කරගනිමින් රනිල් වික්‍රමසිංහට දේශපාලනික ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් කොට ඇත. රවී කරුණානායක පිළිබඳව ජනපතිවරයාගේ සිත යම් අයුරකින් කලකිරවීමට ශිරාල් සමත් වූයේ රනිල් රකින්නට රවී සැම විටම කටයුතු කිරීම නිසාය. බැඳුම්කර කොමිසම හරහා රවී හිරකරන්නට වලි කන්නේ රනිල් තනි කිරීමට බව පෙනෙන්නට ඇත. මේ හරහා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම වැටෙන බැවින් මලික් සහ ශිරාල් මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. ශිරාල්ගේ ඉලක්කය රනිල් සේම මලික්ගේ ඉලක්කය රවී වන බැවින් මෙම ප්‍රහාරය හරහා එජාපය අඩපණ කර පක්ෂයේ බලය සියතට ගැනීමට මලික්ගේ යටි අරමුණ බව දැන ගන්නට ඇත.