ශ‍්‍රීලනිප සභාපතිධුරය පවා ලබාදෙන්න ජනපති මෛත‍්‍රී සූදානම් උණා.. ඇමතිවරයෙක් හෙළිකරයි..

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට ජනාධීපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සූදානම් වූ බව ඇමති සරත් අමුණුගම මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම කැපකිරීම සිදු කරනු ලැබවේ ශ‍්‍රීලනිපයේ සමගිය වෙනුවෙන් යයිද ඇමතිවරයා සදහන් කලේය.

ජනාධිපතිවරයා සේම ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව ද ඒ සදහා විශාල කැපකිරීමක් කිරීමට සූදානමින් සිටි බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් අවසානයේ ඒ සියල්ල ව්‍යවර්ථ වී ගිය බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

[rns_reactions]