ශ‍්‍රී ලංකාවේ ජාතික ධජය පිළිගැනීමට සූදානම් නොමැති බවට කළ ප‍්‍රකෘශය සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන්ට එරෙහිව විනය පියවර ගන්නා බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එහි නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ ජාතික කොඩිය පිළිනොගැනීමට අමාත්‍යවරයාට කිසිදු හැකියාවක් නොමැති බවයි.
වව්නියාව ඉරට්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ඉකුත්දා පැවැති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් ජාතික ධජය එසවීම ප‍්‍රතික්ෂේප කළා.
ඔහු කියා සිටියේ ජාතික ධජයේ නිරූපිත සිංහයාගෙන් සිංහල ජාතියේ වීරත්වයත් සෙසු බොහෝ සංඛේතවලින් බුදු දහමත් පිළිඹිබු වන බැවින් මෙය ජාතික ධජයක් නොව සිංහල බෞද්ධ ධජයක් පමණක් බවයි.
[rns_reactions]

