ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණෙන් සුපිරි වැඩක්

Spread the love

හැකියාවෙන් පිරිපුන් දක්ෂ අවංක පිරිසිදු දේශපාලනඥයන් බිහිකිරීම සඳහා දේපාලන ඇකඩමියක්..

රැකියා දසලක්ෂයක් වෙනුවට විසිලක්ෂයක් …

 

                 අනාගතයේදී පිරිසිදු දේශපාලඥයෙකු බිහිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දේශපාලන ඇකඩමියක් ආරම්භ කර ඇති බවත් සඳහන් කළා. පක්ෂ විපක්ෂ ඕනෑම තරුණ තරුණියකට මෙම ඇකඩමිය තුළින් නොමිලේ පුහුණුව ලබාගැනීමට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර සඳහන් කළා.

              මෙම පාඨමාලාවේ පළමු කණ්ඩායමේ පාඨමාලාව  මාර්තු  මස 19 වැනිදා පටන්ගැනීමට  නියමිත අතර ,මේ සඳහා  උනන්දුවක් දක්වන තරුණ  තරුණියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය, ඩාර්ලි පාර, මරදාන යන ලිපිනයට අයදුම්පත් යොමු කළ හැකි අතර එදින පැමිණ ද ලියාපදිංචි විය හැක. තුන් මාසික පාඨමාලාවක් ලෙස පැවැත්වෙන  පුහුණු පාඨමාලාව අවසානයේදී ජාත්‍යන්තරව පිළිගන්නා සහතික පත්‍රයක් ලබාදීමටද සැලසුම්කර තිබෙනවා.

                 මේ අතර රැකියා දස ලක්ෂයක් වෙනුවට රැකියා විසි ලක්ෂයක් මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් නිර්මාණය කිරීමට හැකි සැළසුම් තමන් සතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසනවා. එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශාන්ත බණ්ඩාර පැවසුවේ එම වැඩපිළිවෙල අපේ‍්‍රල් 02 වැනිදා පැවැත්වෙන සිය ජාතික සමුළුවේදි එළි දක්වන බවයි.