ෂාරුක් ඛාන් හැමදෙයටම වඩා ප්‍රමුඛත්වය දෙන්නේ සිය පවුලට සහ දරුවන්ට බව සැමදෙනෙක්ම ඉතා හොඳින් දන්නා කරුණකි. මොන තරම් වැදගත් කටයුත්තක් වුවත් දරුවන් වෙනුවෙන් අත්හැර දැමීමට ඔහු පසුබට වන්නේ නැත.
ෂාරුක්ගේ පුත් ආර්යන් පාපන්දු ක්‍රීඩා කරන අතර සිදුවූ අනතුරකින් ඔහුගේ නාසය කැඩුනේය. එය සකස් කිරීම සඳහා ශල්‍යකර්මයක් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කළහ. මේ ශල්‍යකර්මය ජුලි මස සිදුකිරීමට නියමිත වන අතර, ඒ වනවිට ෂාරුක් සිය අලුත්ම චිත්‍රපටය වන “ජබ් හැරි මේට් සෙජාල්” වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවල යෙදීමට නියමිතය. එහෙත් ශල්‍යකර්මය සිදුකෙරෙන අවස්ථාවේ සිය පුතු අසල සිටීම සඳහා කෙසේ හෝ කාලය සොයා ගැනුමට ෂාරුක් මේ වන විටත් තීරණය කර අවසන්ය. එවන් කැප කිරීමක් තාත්තා කෙනෙකුගෙන් හැර අන් කවරෙකුගෙන් බලාපොරොත්තු විය හැකිදැයි තතු දන්නෝ අසති. “ජබ් හැරී මේට් සෙජාල්” එළබෙන අගෝස්තු 04දා සිට තිරගත වීමට නියමිතය. එහි ෂාරුක් සමග ප්‍රධාන චරිතයට පණ පොවන අනෙක් නිළිය වන්නේ අනුෂ්කා ශර්මාය.
[rns_reactions]