නවතම සොයාගැනීම් සහ නවතම මෘදුකාංග එකතුවීමත් සමඟ ෆේස්බුක් වෙත ලොව පුරා ඇති ජනප්‍රියතාව වර්තමානයේ වැඩිවෙමින් පවතිනවා.
කෙසේ වෙතත් මේ ලොවක් උඩුයටිකුරු කළ සමාජ මාධ්‍ය ජාලයේ නිමැවුම්කරුගේ විශේෂ ප්‍රකාශයක් වෙත ලොව පුරා විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.
පසුගියදා පැවති උත්සව අවස්ථාවකට එක්වූ මාර්ක් සකර්බර්ග් ගෙන් පැමිණ සිටි අයෙක් විමසන පැනයකට ලබාදුන් අමුතු පිළිතුරක් වෙතයි මේ අයුරින් විශේෂ අවධානයක් යොමුව ඇත්තේ.
එහිදී ඔහුගෙන් එම පුද්ගලයා විමසන්නේ මනස කියවිය හැකි මෘදුකාංගයක් නිපදවීම පිළිබඳව මේ වනවිට ෆේස්බුක් අත්හදාබැලීම් සිදුකරනවාද යන්නයි.
එය සත්‍ය බවත් ඉදිරියේදී ඒ පිළිබඳව ලොවට හෙළිකරන බවත් එහිදී සකර්බර්ග් පිළිතුරැ දෙමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව පුද්ගලයෙකුගේ මනස කියවිය හැකි සකර්බර්ග් සොයාගන්නා මේ නවතම මෘදුකාංගය පිළිබඳව ලොවම මේ වනවිට විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.
[rns_reactions]