ඇමැති සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී ආරම්භ කරන ලද “සදා ලෝක පූජිත සංගක්කාරගම” නව නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කුමාර සංගක්කාරගෙන් ට්විටර් මගින් අසන ලද පැනයකට ඔහු විසින් පිළිතුරු සටහන්කර තිබේ.

ඇමති සජිත් සංගාගේ නම යොදා සිදුකළ මෙම කෝචොක් වැඩේ නිසා මේ වන කුමාර් සංගක්කාර දැඩි අසීරුතාවයකට පත්ව තිබේ. මේ ඊට කදිම උදාහරණයකි.
‘සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම’ ලෙස එහි නම යොදාගැනීමට ඉඩ දුන්නේ මන්දැයි කළ විමසීමකට සංගක්කාර පිළිතුරු දී ඇත.
එහි කිසිදු දේශපාලනයක් නැති බවත් තමන් සහභාගී වූයේ දිළිඳු පවුල් සඳහා ආදර්ශ ගම්මානයකට මුල්ගල් තැබීමේ උත්සවයට පමණක් තමන් පවසා ඇති සංගක්කාර ඊට වඩා කිසිවක් නැති බවත් සදහන් කර තිබේ.
