සජිත්ගේ තරම ගැන එජාප උපනායක කළ සුපිරි අනාවරණය (වීඩියෝ)

සජිත්ගේ තරම ගැන එජාප උපනායක කළ සුපිරි අනාවරණය (වීඩියෝ)
Spread the love

කුඩා දරුවන් ඔසොවාගෙන සිටිද්දී බිම තිබ්බොත් දුවන්න පුළුවන් යැයි සිතන බවත් නමුත් සැබෑවටම බිම තැබූ පසු දුවන්න තියා දණ දාගන්නවත් බැරි බව ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

ස්වාධීන රූපවාහිනියේ පැවති වැඩසටහනක දී අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විමසද්දීය.

මංගල සමරවීර ඇමතිවරයා ගැන අදහස් පල කරමින් රවි කරුණානායක මහතා කියා සිටියේ ඔහු ඉතාම මෑතකදී එක්සත් ජාතික පක්ෂයට එක්වූ පුද්ගලයෙකු බවත් ඊට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මිස්ට් බීන් කියූ බිහි පුද්ගලයෙක් බව මතක තබාගත යුතු බවයි.

එවන් පුද්ගලයන් කියන ආකාරයට එජාපය කටයුතු නොකල යුතු බවද ඇමතිවරයා පැවසීය.