සජිත්ගේ රස්තියාදුකාරයෝ සහ කුරුඳු පොලු කාරයෝ යළි සිරිකොත වටලන්න සැරසෙයි

සජිත්ගේ රස්තියාදුකාරයෝ සහ කුරුඳු පොලු කාරයෝ යළි සිරිකොත වටලන්න සැරසෙයි
Spread the love

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට පක්ෂයේ නායකත්වයත්, ජනාධිපති අපේක්ෂකත්වයත් ලබාදෙන ලෙසට බලකරමින් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානය වූ පාක්ෂිකයින්ගේ මුදුන් මල්කඩ බඳු වූ සිරිකොත පක්ෂ මූලස්ථානයට යළි ගල් ගසා විනාශ කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව එම පක්ෂයේම සජිත් ප්‍රේමදාසගේ අනුගාමිකයින්ගේ අභ්‍යන්තර තොරතුරු ඔස්සේ වාර්තාවේ.

මේ සඳහා සජිත් ප්‍රේමදාස නිරන්තරයෙන් වේදිකාවල පවසන ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටමින් සිටින සජිත්ගේම සහචරයින් යොදාගැනීමට සැලැසුම් කර ඇති අතර 5000 ක පමණ එවැනි පිරිසක් බස් රථ මඟින් කොළඹට ඇද්දවීමට සූදානමින් සිටී.

“සජිත් වෙනුවෙන් සිරිකොතට ගල් ගැසීමේ ව්‍යාපාරය” සඳහා මේ වන විට “එජාපයට එරෙහි කුරුඳු පොලු බලකාය”ද එක්ව සිටින අතර ඒ සියල්ල මෙහෙය වන්නේ සජිත්ගේ සහචරයින් විසින් වන අතර එය අද සජිත්ගේ කල්ලියක් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේ කියා සිටියේය.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ලබා දෙන ලෙස බලපෑම් කරමින් අගෝස්තු මාසයේදි සිරිකොත එජාප මූලස්ථානය ඉදිරියට රට පුරා එජාප පාක්ෂිකයන් කැඳවන බවට වූ ප්‍රබල තර්ජනයක් එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය නමින් අටවා ගත් දුමින්ද බණ්ඩාරනායක නැමැති අයෙකු විසින් අද මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුකළේය.

2015 දී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුබලය ගෙනදුන් නායක රනිල් වික්‍රමසිංහ මහතා අද කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පලිගැනීමක් බව සජිත් වැනිම අටමගල කථාවක් සිදුකරමින් ඔහු සඳහන් කළේය.

2018 ඔක්තෝම්බර් 26 වනදා ජනාධිපති සිරිසේන විසින් ව්‍යවස්ථා විරෝධීව කොල්ලකන ලද එජාප ආණ්ඩුව යළි බලාගැනීම සඳහා ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් යන සජිත් ප්‍රේමදාස එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සිදුකළ අඹමල් රේණුවක තරම් දෙයක් ඔහුට සඳහන් කිරීමට නොහැකි විය.