සජිත් ගේ මූලස්ථානය බැසිල් ප්‍රමුඛ ආණ්ඩුව ආක්‍රමණය කරඇති ආකාරය

සජිත් ගේ මූලස්ථානය බැසිල් ප්‍රමුඛ ආණ්ඩුව ආක්‍රමණය කරඇති ආකාරය
Spread the love

සමගි ජන බලවේගය සඳහා විධිමත් පක්ෂ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම දිගින් දිගටම ජලනි ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් වැලකී තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව විධිමත් පක්ෂ යාන්ත්‍රණයක් තුළින් නිසි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ යාන්ත්‍රණයක් තුළ ඔවුන්ගේ සිතුමතේට පක්ෂය මෙහෙයවීමට සහ අවශ්‍ය අවස්ථාවල ඩීල් සඳහා කේවල් කිරීමෙ බලය නොලැබෙන බැවිනි.

සජිත් ගේ තීරන ගැනීමේ මන්ඩලය වන්නේ ඉමිටියාස්, ( ජලනි – බිරිඳ නිල නොවන පක්ෂ ප්‍රධානී)
නමුත් ප්‍රධාන තීරක) එරාන්, ලක්ෂ්මන් ෆොන්සේකා (කුඩා කල මිතුරා සහ මුදල් සපයා දෙන්නා, ප්‍රධාන තීරක වරයෙක්) රංජිත් මද්දුම බන්ඩාර. රවි ජයවර්ධන(පුද්ගලික ලේකම්) හා චමින්ද එදිරිවීක්‍රම. යන අයයි.

ජලනි – ප්‍රධානව හසුරුවන්නේ ටිරාන් අලස් විසිනි. එය තුල විශාල වශයෙන් මුදල් හා සබැඳිකම් ද ඇත.
ඊට අමතරව ඇයගේ තීන්දු තීරන වලට බලපාන්නාවු ප්‍රධාන පුද්ගලයන් වන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා සහ චමින්ද එදිරිවික්‍රමයි. ( ඊට අමතරව හරින් සහ එරාන්ය)

ලක්ෂ්මන්ව හසුරුවන්නේ දිලිත් ජයවීර සහ ටිරාන් අලස් විසිනි. දිනපතා ඔවුන් ලක්ෂ්මන් හමුවෙති.

උදාහරණයක් ලෙස යහපාලන සමය තුළ උග්‍ර සජිත් විරෝධියකු වූ රවී ජයවර්ධනව (රවී යනු මුල් කලීනව ජී.ඇල් පීරිස්ගේ ගෝලයකු වන අතර පොදු පෙරමුණ සමයේ ජී.එල් සමග කටයුතු කල අයෙකි.) ලක්ෂ්මන් හරහා සජිත් ලඟ plant කරන්නේ දිලිත් ජයවීර විසිනි. රවි සහ දිලිත් කොළඹ විශ්ව විද්‍යාලයේ බඩ බැඳගත් මිතුරන්ය.

චමින්ද එදිරිවික්‍රම – ලොකුබාලගේ ගේ සහ ගාමිනී සෙනරත් ගේ බඩියාය. ඔහු ඔවුන්ගේ ලාෆ් ගෑස් සමාගමේ CEO ය. මෙම තනතුරට පෙර චමින්ද හිටියේ LOLC ලොක්කා සමගය. LOLC ලොක්කා ගාමිනී සෙනරත් ගේ එකඟතාවය මත චමින්ද ලාෆ් සමාගමට ගත්තේ දීර්ඝ කාලීන අරමුනක් සහිතවය. ඒ සජිත් සමග චමින්ද සමග තිබු සම්බන්දයෙන් ප්‍රයෝජනය ගැනීමටය. ගාමිනී සෙනරත් ගේ දකුනු අත ලොකු බාලගේ වු අතර ලොකු බාලගේ ගේ දකුනු අත වුයේ චමින්දයි. මේ සම්බන්දතාවය ඇතිවන්නේ 2011 සිටය. එදා සිට අද දක්වා චමින්ද ලාෆ් සමාගමේ ලොක්කා වන අතර යහපාලන ආන්ඩුවේ සජිත්ගේ ආන්ඩුවේ ඉංජිනේරු සංස්තාවේ උප සභාපතිවරයාය. ජනාධිපතිවරනයේ දි සම්පුර්න මුදල් පාලනය කලේ චමින්දය. මේ මුදල් පාලනය භාරව ක්‍රියාකල නිසාම
අවසානයේ දී චමින්ද ජලනිගේ අතිජාත විශ්වාසවන්තයා බවට පත්විය.

රංජිත් මද්දුම බන්ඩාර මේ තාක් දුරට පාලනය කලේ ඩයනා විසිනි. ඩයනා පාලනය කරන්නේ සේනකය. සේනක හසුරුවන්නේ බැසිල්ය.

හරින් ට ජලනි හසුරුවන්නට බලය ලැබෙන්නේ පරන ප්‍රේමය හේතුවෙනි. හරින් හසුරුවන්නේ මල්ෂාය. මල්ෂා හසුරුවන්නේ බැසිල්ය.

තීන්දු ගන්නා ඉතුරු දෙන්නා ඉමිටියාස් සහ එරාන්ය.

එරාන් යනු ඇවන්ජලිකල් ක්‍රිස්තියානි දහම මෙරට ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියේ පුරෝගාමියාගේ පුතාය. අදටත් ඔහු පාස්ටර් වරයෙකි. ඔවුන්ගේ න්‍යාපත්‍රය හසුරුවන්නේ බොර්න් අගේන් ක්‍රිස්තියානි සභාව මගිනි. දේශපාලනිකව විපක්ෂය ඇත්තේ දැඩි අනතුරක වන්නේ මෙලෙසිනි.

මේ අය විසින් හසුරුවණ සමගි ජන බලවේගයේ අනාගතය කොහෙටද?

මෙයට අමතරව තිස්ස පිළිබඳවද යමක් සඳහන් කල යුතුය. ඩයනා ආන්ඩුවට ගිය දවසේ තිස්ස, හේෂා සහ චමින්ද විජේසිරි සමග හිටියේ ඩයනාගේ ගෙදර බවට ඩයනා මේ වන විටත් ප්‍රකාශ කර ඇත. ඔවුන් අයවැය සමයේ ආණ්ඩුවට එකතුවනු ඇත.

විපක්ෂයක් නැත්තටම නැති කිරීමට බැසිල්ගේ කූඨ උපායන් සියල්ලටම සජිත් සහ ජලනි හසුවී ඇත. මේ සියල්ලට හේතුව ජලනි පක්ෂය තමන් අතේ නැටවීමට ඇති කෑදර කමත් මුදල් සදහා ඇති ගිජු කම නිසා ඩීල් වලට ඇති නැඹුරුවත්‍ ය. එය බැසිල් විසින් සිය අන්තේවාසිකයින් සජිත් සහ ජලනිට සමීප කර සිය වාසියට හරවා ගෙන ඇත.

එජාපය අද නැත. සජබය බැසිල්ගේ රූකඩයක් වී ඇත. විපක්ෂයක් නොමැති රටක ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය කොයිබටද..?