සනත් නිශාන්තගේ ගෝලයෝ පුත්තලමේ සිමෙන්ති ෆැක්ටරියක යකා නටයි..

Spread the love

පසුගිය ආණ්ඩුව තිබියදී මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඇසුරුම් අංශයේ කොන්ත්‍රාත්තුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සනත් නිශාන්තගේ ප්‍රබල ආධාර කරුවෙක් විසින් ලබා ගෙන තිබුනු අතර දේශපාලන බලපෑම මත එම ටෙන්ඩරය සමාගමට අවාසි වූවත් තබා ගැනීමට ඔවුන් ක්‍රියා කර ඇතැයි සඳහන වේ.

මෙම ගැටළුවට මුල එම ටෙන්ඩරය අලුත් ආයතනයකට ලබාදීමත් , ආයතනයේ හරියට සේවය නොකර ආයතනයට පාඩු සිදුකරන ඇතැම් නිලධාරීන් සහ සේවකයන් නිත්‍යානුකූල ලෙස ඉවත්කර අලුත් සේවකයන් 30 ක්‌ පමණ ආයතනයට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා තිබීමත් හේතුවෙන් මෙම පිරිස කර්මාණ්ත ශාලාවෙන් ඉවත් නොවී කලහ කාරී ලෙස හැසිරෙන බව සැලවී ඇත.