සමන්තභද්‍ර හිමිගේ පන්සලේ කැමල් ටෝ ඇඳුම

සමන්තභද්‍ර හිමිගේ පන්සලේ කැමල් ටෝ ඇඳුම
Spread the love

පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමිගේ අසපුවක පැවති වැඩසටහනකදී කාන්තාවක විසින් ඇඳ සිටි ඇඳුමක රූපයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. ඒ පිළිබඳ විවිධ අදහස් ද පළවෙනවා. මෙවැනි ඇඳුමක් ඇඳි කාන්තාවක් පන්සලට ගෙන්වා ගැනීමෙන් හා පන්සල හරහා එම ඇඳුම ප්‍රසිද්ධ කිරීමෙන් එම භික්ෂුව කුමක් අදහස් කළා ද යන්න අප දන්නේ නැහැ. මෙම ලිපියෙන් ඒ ඇඳුම මොකක්ද කියා විමසා බලනවා. එයට කියන්නෙ කැමල් ටෝ කියලායි.

කැමල් (Camel toe) කියන යෙදුමට සිංහලෙන් ඔටු කුරය කියා කියන්නට පුළුවන්. හැබැයි, එයින් අදහස් වන්නේ ඔටුවකුගේ ඇඟිලි නෙමෙයි. ඔටුවකුගේ ඇඟිලිවලට රූපයෙන් සමානත්වයක් තිබෙන මෙම කොටස තිබෙන්නේ ස්ත්‍රී ශරීරයේයි.

ස්ත්‍රී යෝනියේ බාහිර තොල් තද ඇඳුමක් තුළින් ඉස්මතුව පෙනෙන විට එයට තමයි කැමල් ටෝ කියන්නෙ.

බොහෝ කාන්තාවන් තද ඇඳුම් හරහා තම බාහිර යෝනි තොල් ප්‍රදර්ශනය වන එක වළක්වාගන්නට උත්සාහ කළත්, දැන් එය ප්‍රදර්ශනය කරන ඇඳුම් විලාසිතා පැමිණ තිබෙනවා. ශරීරයේ පාටින් ම නිමැවූ ඇඳුමක් ඒ සඳහා යොදා ගත් විට කාමෝද්දීපනය වැඩි වෙනවා.

එපමණක් නොවෙයි කැමල් ටෝ එක තිබෙනවාටත් වඩා හොඳින් මතු වී පෙනෙන පරිදි සිලිකන් හෝ පැඩිංවලින් සකස් කරන ලද පළඳනා ද තිබෙනවා.

මීට දශකයකට පමණ පෙර ජපානයෙන් එළි දුටු මේ විලාසිතාව දැන් නැවත ජනප්‍රිය වී තියෙනවා.

ඉහත රූපයේ දැක්වුණේ එවැනි කෘත්‍රිම කැමල් ටෝ එකක්.

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් සඳහා පුරුෂ ලිංගය සඟවාගෙන කැමල් ටෝ එක ඉස්මතු කර පෙන්විය හැකි ආකාරයෙ පළඳනාත් දැන් තිබෙනවා. මේවා අන්තර්ජාලය හරහා විකුණන්නට තිබෙනවා.

උපුටා ගැනීම: ප්‍රජා