ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත්කර ගන්නා ශිෂ්‍යයෙකු අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සමාර්ථයක් ලබා තිබිය යුතු බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සකස් කළ අවම ප‍්‍රමිතීන් ලේඛනයේ දැක්වෙනවා.
වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු මෙම අවම සුදුසුකම ඉකුත් 2011 වසරේ සිට නියමකර තිබුණු අතර එහි කිසිදු සංශෝධනයක් සිදු නොකල බවයි වෛද්‍ය සභාවේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.
දැනට සකස් කර ඇති අවම ප‍්‍රමිතීන් ඇතුලත් ලේඛනය ඉදිරි සතියේදී වෛද්‍ය විද්‍යාල අටේම පීඨ මණ්ඩල වෙත යොමු කෙරෙණු ඇති.
වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම පහසුකම්, දේශන ශාලා, පුස්තකාල පහසුකම්, ආචාර්ය සහ මහාචාර්යවරුන්ගේ සංඛ්‍යාව ඇතුළු කරුණු රැසක් මෙම අවම ප‍්‍රමිතීන් ලේඛණයට ඇතුළත් වන අතර විද්‍යාලයට නියමිත රෝහල් සංඛ්‍යාව සහ සායනික පුහුණුව සඳහා වන පහසුකම් ආදිය ද ඊට ඇතුළත් බවයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ප‍්‍රකාශ කළේ.
මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ අධිකරණයෙන් ලබා දෙන ඕනෑම තීරණයක් පිළිගැනීමට තමන් සූදානම් බව මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලනාධිකාරිය පවසනවා. එහි ලේඛකාධිකාරී හුස්නි හුසේන් සඳහන් කළේ විශ්ව විද්‍යාල පනත අනූව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා තම බලධාරියා ලෙස කටයුතු කරන බවයි.
වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්‍ෂණය සමත් සයිටම් ශිෂ්‍යයන්ට හෝමාගම සහ අවිස්සාවේල්ල යන රෝහල්වල ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය හා ප‍්‍රසව විද්‍යාව සහ බාලක වෛද්‍ය විද්‍යාව යන විෂයන් යටතේ මාසය බැගින් වැඩිදුර සායනික පුහුණුවක් ලබාදෙන අතර මෙම පුහුණුවෙන් අනතුරුව ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලබන පරීක්‍ෂණයකට සයිටම් ශිෂ්‍යයන් මුහුණදිය යුතුය.
[rns_reactions]