සයිට්ම් වෛද්‍ය පීටය වසාදමන්නේ රජයේ ප්‍රමිතියට අනුගත වන තෙක් පමණයි. – හර්ෂ ද සිල්වා..

Spread the love

 

දීර්ඝ කාලයක් මුළුල්ලේ මහපාරට බට පෙරටු අන්තරේ සාමාජිකයන් ලෙස මාලඹේ සයිටම් අහෝසි කිරීමේ ජය සමරමින් සිටියදී  සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් සහ හර්ෂ ද සිල්වා අතර විශේෂ සාකච්චාවක් පාර්ලිමේන්තු කමිටු කාමරයක් තුළදී පැවති අතර ඒ සදහා සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, වික්‍රමබාහු කරුණාරත්න, සමන් රත්නප්‍රිය සහ එජාප මන්ත්‍රී ආශු මාරසිංහ ඇතුළු පිරිසක්  සහභාගී වී ඇත.

එහිදී ඔවුන්ඊ විමසා ඇත්තේ සයිට්ම්යේ අහෝසි කිරීම පිලිබදව වන අතර එය තමන්ගේ නිර්දේශයක් පමණක් වන බවත් සයිට්ම් ආයතනය රජයේ පිළිගත් ප්‍රමිතීන් වලට අනුගත නොවන්නේ නම් පමණක් එම ආයතනයේ වෛද්‍ය පිටය වසාදැමීමට තමන් නිර්දේශ කල බවත් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා ඇත.

ජනවාරි 01 දින වන විට ප්‍රමිතිය සකස් කිරීමට ඔවුන් අපොහොසත් වුවහොත් සයිට්ම් ආයතනයේ වෛද්‍ය පිටය තාවකාලිකව වසාදමන අතර ඔවුන් නිසි ප්‍රමිතියට අනුගත වූ පසුව විශේෂ ප්‍රමිති පරීක්ෂාවකින් පසුව යලිත් ඔවුනට තම ශිෂ්‍ය ලියාපදිංචිය ආරම්භ කිරීමට අවසර ලබාදෙන බවයි හර්ෂ ද සිලවා වැඩිදුරටත් පවසා ඇත්තේ.

[rns_reactions]