සරම උස්සන් ආවාද? නට නටා රඟ පාමින් අවාද? ඡායාව වත් දුටුවාද?

Spread the love

දින කිහිපයක් මුළුල්ලේ මුළු රටක්ම හැඬුවා ඔබ අපට අමතක නැත. ඒ ජිවිතගණනාවක් හා දේපොළ රැසක්  රටට අහිමි කල මහා ගංවතුර වියසනයයි.

විනාස වූ ජනජීවිතය නැවත යතා තත්වයට පත් කර ගැනීම සඳහා ජාති ආගම් කුල මල භේද පැත්තක දමා සියලු රට වැසියන් එකා සේ කටයුතු කල ආකාරය පිළිබඳව අපට අමුතුවෙන් ඔබට කිවයුතුව නැත.

නමුත්  කළුතර පිහිටි බස් නැවතුම්පොළවල් ගොඩනැගිලි සියල්ල වෙත කිසිම දේශපාලඥයන්ට ලගා වීමටවත් නොහැකි ලෙස  සරම උස්සන් පැමිණ බලහත්කාරයෙන් චන්ඩිපාට් දමා සියල්ල තමන් සතු කරගන්නා  පුද්ගලයෙකු ඔබට මතකද? ඒ මහින්ද රාජපක්ෂගේ  අනුගාමිකයෙක් වන විදුර වික්‍රමනායක දේශපාලකයායි. කළුතර ජනතාව  මෙවන් විපතකට පත්ව ඇතත් විදුර වික්‍රමනායක නම්  දකින්නට වත් නොමැත. ජනතා මුදලින් සැදු ගොඩනැගිලි විවෘත කරන්න සරම උස්සන් පැමිණියත්  ගංවතුරින ජනතාව බැට කන වෙලාවේ විදුර වික්‍රමනායක දේශපාලකයා පැත්ත පලාතක නැත. 

එමෙන්ම තැන තැන බේගල් අතහරිමින් ජනතාවගේ දුක තමන් සතුකර ගන්නේ යැයි පවසන කළුතර තවත් එක්  නළුවකු අපට අමතක කල නොහැක. ඔහුද මහින්ද රාජපක්ෂගේ  අනුගාමිකයෙක් වන පියල් නිශාන්තයි. ජනතාවගේ දුක හදුනා ගත්තද ගංවතුරෙන් අවතැන් ජනතාව නම් ඔහුගේ ඡායාවක් දුටුවේ නැත. නමුත් ඔහු ජනතාව ගොනාට ඇන්දවීමට නම්  අමතක කලේ නැත. ඒ  මහින්ද සමග එක්ව අවතැන් ජනතාව වෙනුවෙන්  ජපානයේ සිට පිං අනුමෝදනා වැඩසටහනක් පවත්වා ඇත. කළුතර ජනතාව මෙවැනි විහිලු සහගත දේශපාලකයින්ට තවත් රැවටෙනවාද?

 

ජනතාව වෙනුවෙන් කැපවන  රාජපක්ෂගේ  දේශපාලන අනාථයන්  ගංවතුරෙන් අවතැන් වූ ජනතාව  දැක්කේම  නැති තරම්ය. 

[rns_reactions]