සනුක යනු මෑත කාලිනව අතිශය ජනප්‍රියත්වයට පත්වුණු ගීත කිහිපයකම අයිතිකාරයෙක් වන අතර ඒ අතරින් සරාගයේ හා සංසාර සිහිනයේ යන ගීත සුවිශේෂයි.මීට සති කිහිපයකට පෙර නිකුත් වුණ සරාගයේ මියුසික් වීඩියෝව කා අතරත් කතා බහට ලක්වු අතර සරාගයේ වීඩියෝව පිළිබඳ සනුක පසුගිය දිනෙක පුවත්පතකට දැක්වූ අදහස් මෙසේය.
සරාගයේ සහ සංසාර සිහිනේ කියන ගීත දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සරාගයේ mp3 එකට යූ ටියුබ් විව්ස් ලක්ෂ පහක් විතර තිබුණා. වීඩියෝ එක දැම්මට පස්සේ යූ. ටියුබ් විව්ස් ලක්ෂ දහහතර පැනලා. සංසාර සිහිනේ ගීතයට විව්ස් ලක්ෂ හතක් පැනලා තිබ්බා. ඉතිං මේ දේවල්වලින් මට තේරෙනවා රසිකයෝ මගේ ගීතවලට ආදරෙයි කියලා.
ප්‍රසංගවලට ගියාම මම සරාගයේ ගීතය කියනකල් ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒ ගීතය ඉල්ලනවා. මම ගීතය ගායනා කරද්දි ඒ අය මාත් එක්කම ඒ ගීතය ගායනා කරනවා. මගේ ගීතයක් රසික රසිකාවියන්ගේ හඩින් ඇහෙද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. ඔවුන් මගේ ගීතයේ වචන පවා මතක තියාගෙන ඉන්නවා.
“සරාගයේ”වීඩියෝවට ගැන කවුරුත් මගේ මූණට නම් විවේචන එල්ල කළේ නැහැ. හැබැයි ඒ වීඩියෝවේ කමෙන්ට්ස් වලට එක එක ඒවා දාලා තිබුණා. ඒ ගීතයේ තනුව මම මනු අයියට වාදනය කරලා පෙන්නුවා. ඒ වෙලාවෙම මනු අයියා ඒකට පද ලිව්වා. ඒ වචනවල තියෙන තේරුම් දුමින්ද සංජීව මියුසික් වීඩියෝවට නැඟුවා. කලාත්මකව සහ ඉතාම සංයමයකින් ඒක කරලා තියෙනවා.
අපිට රැල්ලට යන්න ඕන වුණේ නෑ. ගීතයේ අදහස් කලාත්මකව ඉදිරිපත් කරන්න තමයි අපි කළු සුදු තේමාවකට ගියෙත්. උදාර සහ ටීනා රංගනයෙන් ඊට උපරිම සාධාරණයක් කළා. වෙනස් දෙයක් කරන්න තමයි අපි උත්සාහ කළේ. ඒක සාර්ථක වුණා කියලා හිතනවා.
වීඩියෝව බලලා තාත්තා සනුකට දෙහි කැපුවා කියන්නේ ඇත්තද..?
මට මතක විදිහට තාත්තා ඒකට මුකුත් කිව්වේ නෑ. එයාගෙන් බැනුම් ඇහුවද කියලත් මතක නැහැ. සමහර විට බැනලා විව්ස් කමෙන්ට්ස් වැඩි වෙද්දි බනින එක නැවතුණාද කියලා මතකත් නැ.
[rns_reactions]