2018 වසර සඳහා වූ අය – වැය කතාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවිර විසින් අද පස්වරුවේ අය – වැය කතාව ආරම්භ කිරීමට නියමිතයි.
ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 3982ක්.
සියලු ප‍්‍රදානයන් ද සහිතව එම වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් බවයි විසර්ජන පනත් කෙටුම්පතේ දැක්වෙන්නේ.
ඒ අනුව බිලියන 1807ක් වූ අය – වැය හිඟය පියවා ගන්නා ආකාරය අද ඉදිරිපත් කෙරෙන අය – වැය වාර්තාවෙන් විස්තර කෙරෙන බව මුදල් රාජ්‍යවරයා පැවසුවා. අද ඉදිරිපත් කෙරෙන අය – වැයෙන් අධ්‍යාපනයට මුලික තැනක් ලබා දෙන බවද අමාත්‍යවරයා කියා සිටියේ.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුව අය – වැයට පෙර ද ජනතාවට සහන රැසක් ලබා දී ඇති බවයි.
ජංගම දුරකතන බදු අඩු කිරීම, ඖෂධ මිල අඩු කිරීම, වාහන මිල අඩු කිරීම හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරිම ඒ අතරින් කිහිපයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව අය – වැය කතාවෙන් සිදු කෙරෙන්නේ පුද්ගල ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම බව ද සදහන්
[rns_reactions]

