සා/පෙළ විභාගය 17 දා සිට 26 දා දක්වා

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත් වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
විභාග මධ්‍යස්ථාන 3663දී අපොස සාපෙළ විභාගය පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
මෙවර විභාගයට අපේක්ෂකයන් 474,147 දෙනකු පෙනී සිටින අතර විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑලට යොමු කර අවසන් බව ද ඔහු වැඩි දුරටත්ව සුවේය.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනවලටත් යොමු කර ඇති බව කී විභාග කොමසාරිස් ජනරාල්වරයා, එහි යම් සංශෝධනයක් කර ගැනීමට ඇත්නම් online ඔස්සේ මේ 10 වැනිදාට පෙර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදු කරගත හැකිය.
සියලු පාසල් සිසුන්ගේ ප්‍රවේශපත් ඉක්මනින් ඔවුන් වෙත දෙන ලෙස ද විභාග කොමසාරිස්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ. විභාගයේ ප්‍රවේශපත් නොලැබුණු පාසල් සිසුවකු වේ නම් විදුහල්පතිවරයා මඟින් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙසත් පෞද්ගලික අයදුම්කරුවකු වේ නම් තැපැල් කාර්යාලයෙන් හෝ විභාග දෙපාර්තමේන්තුවෙන් හෝ විමසන ලෙසත් විභාග කොමසාරිස්වරයා දැනුම් දෙයි.