සියයට 1ක සොච්චම් පොලියට වහාබ්වාදීන්ට මෙරට මුල්‍ය ආයතනවලින් ණය..

සියයට 1ක සොච්චම් පොලියට වහාබ්වාදීන්ට මෙරට මුල්‍ය ආයතනවලින් ණය..
Spread the love

මෙරට පිහිටුවා ඇති ඇතැම් මුල්‍ය ආයතන මගින් වහාබ්වාදීන් සදහා 1%ක ඉතාමත් අඩු පොලියට ණය ලබා දෙන බව හේමකුමාර නානායක්කාර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා සදහන් කරයි.

කොළඹදී සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය පුද්ගලයෙක් ණයක් ගැනීමේදී 14% ක පමණ ඉහල පොලියක් අය කරන බවයි.

සියයට1ක පොලි අනුපාතයට ණය ලබා දෙන්නේ වහබ්වාදීන් විසින් අනුමත කරන ලද සභාවකින් බවද ඔහු සදහන් කලේය.

මෙරට බැංකුවල මුස්ලිම් රාජ්‍යන් මුදල් ආයෝජනය කර ඇති බවත් එම මුදල් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට හා වහබ්වාදීන්ට 1%ක පොලියක් යටතේ ලබා දෙන්නේ ආගමික මණ්ඩලයකින් අනුමැතිය යටතේ බවද පැවසීය. 13%ක හිග පොලිය මුස්ලිම් රාජ්‍යවල අරමුදලෙන් පියවන බවත් ඔහු හෙලි කලේය.