ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉතිරි පළාත් පාලන ආයතන 208 සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය ලබන 4දා නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
ඒ අනුව මැතිවරණය පෙබරවාරි මාසයේ මුලදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
පළාත් පාලන ආයතන සීමානිර්ණ ගැසට් නිවේදනය ක්රියාත්මක කිරීම දෙසැම්බර් 04වනදා තෙක් බල රහිත කරමින් අභියාචනාධිකරණය පනවා තිබු තහනම් නියෝගය විසුරුවා හැරීමට අභියාචනාධිකරණය අද (30) තීරණය කර තිබේ.
ඒ, සීමා නිර්ණ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ පෙත්සම්කරුවන් 06 දෙනාගේ නිතිඥවරයා විසින් එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමත් සමගය.
ඇමැතිවරයා සමඟ ඇතිවු එකඟතාවයට අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෞද්ගලිකව පෙනී සිටි නිතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව අභියාචනාධිකරණය උක්ත තීන්දුව ප්රකාශයට පත් කර ඇත.
[rns_reactions]

