නිට්ටඹුව වෙළද සංගමයේ සභාපති ලෙස ක්‍රියා කල සුරංග පීරිස් මහතාගේ ඝාතනය සම්බන්දයෙන් පුවත් පතකට සරණ ගුණවර්ධන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව, පිළිතුරු ලබා දීමට තමන්ට අවස්ථාවක් ලබා නොදුන් බවට සුරංග පීරිස් මහතාගේ පවුලේ සාමාජිකයන් චෝදනා කරයි. ඒ හේතුවෙන් ඔවුන්ට පිළිතුරු ලබා දීම සඳහා ඉඩක් වෙන් කර දීමට සුපිරි ගොසිප් අප තීරණය කළ අතර මේ සුරංග ගේ සොයුරා විසින් අප වෙත එවන ලද ප්‍රකාශයකි.
අපේ අයියා ත්‍රීවීල් වලින් , කඩවල් වලින් සහ බස් වලින් කප්පම් ගත්තා කියලා වගකීමෙන් යුතුව සරණ ගුණවර්ධන ප්‍රකාශ කරනවලු . මේ රජයේ ඇමතිවරයෙක් කරන ප්‍රකාශයක් . ඇත්තෙන්ම මේක විහිළු සහගතයි. සුරංග අයියා කියන්නේ ප්‍රදේශයේ ජනතාව වෙළද සංගමයේ සභාපති ලෙස තෝර ගත්ත කෙනෙක්. අපේ අයියත් ව්‍යාපාර කරපු කෙනෙක්. එහෙම නැතිව කොයිම වෙළද සංගමයකින්වත් තම වෙළද සංගමයට කප්පම් කාරයෙකුව තෝරා පත් කර ගන්නවද ? මේ අය හිතා සිටින්නේ ජනතාව කියන්නේ මෝඩයෝ කියලා මොකද මේ ජනතාව මේ වගේ අය කොයිතරම් වැරදි කලත් ඒ අයට ජන්දය ලැබෙන නිසා. අපේ අයියා එහෙම කප්පම් ගත්ත කෙනෙක් නම් එයාගේ නම කොතනක හෝ ප්‍රසිද්ධ වෙන්න ඕනි එයා කප්පම් ගත්ත කෙනෙක් කියලා. නමුත් සරණ ගුණවර්ධන කියන පුද්ගලයා නම් ප්‍රසිද්ධයි කෝටි ගණනින් කප්පම් ගන්න කෙනෙක් විදියට. අප ජීවත් වන ප්‍රදේශයේ මිනිස්සු දන්නවා අපි කප්පම් කාරයෝද එහෙමත් නැත්නම් ජපානය වගේ රටවල රැකියා කරන ගමන් ඉතා දුක සේ මුදල් උපයමින් තම ව්‍යාපාර කටයුතු කරන මිනිස්සුද කියලා. අපි ඉතාමත් දුක් මහන්සියෙන් මුදල් උපයා ව්‍යාපාර කටයුතු කරන මිනිස්සු. අපි දන්නවා මුදල් හම්බ කරන්න කොයිතරම් මහන්සි වෙන්න ඕනිද කියලා ඒක දන්න එක මිනිහෙක්වත් තව කෙනෙකුගෙන් කප්පම් ගන්නෙවත් තව මිනිහෙක් දුක් මහන්සියෙන් උපයා ගත්ත දෙයක් හොරා කන්නේවත් නැහැ. අපි මිනිස්සුන්ගේ කතිර බලෙන් මහජන නියෝජිතයෝ විදියට පත් වෙලා කොමිස් ගහගෙන , කප්පම් අරගෙන ජීවත් වෙන මිනිස්සු නෙමෙයි . ඒක ඕනෑම කෙනෙක් දන්න දෙයක් මේ අය අපේ අයියා ඝාතනය කරලා එතැනින් නතර නොවී චරිතයත් ඝාතනය කරන්නයි හදන්නේ . නමුත් ඔය කියන අවලාද අප ප්‍රදේශයේ වෙසෙන , මිනිස්සු හොදාකාරවම දන්නවා.
[rns_reactions]

