සුරතලේට මාළු ඇති කරනවා නම්, මාළු ගන්න කලින් මේක කියවන්න..

සුරතලේට මාළු ඇති කරනවා නම්, මාළු ගන්න කලින් මේක කියවන්න..
Spread the love

සෑහෙන්න පෝස්ට් තියනවා කලපු මාලු සීසන් කරලා විකුණනවා ,කිසි අවුලක් නෑ ,හොඳට සීසන් වෙලා ඉන්නේ,බය නැතුව අරන් හදන්න පුලුවන් අරකයි මේකයි කියලා.අන්තිමට මාලු අරන් ගෙදර ඇවිත් සාතියයි දෙකයි මාසයයි මාලු මැරෙනවා. සල්ලිත් නෑ ,මාලුත් නෑ.

මාලු මුදලාලිලා තමන්ගේ බඩගෝස්තරය ගැන විතරක් හිතලා අහිංසක සත්තුන්ව බිලි දෙනවා, දැක්කම ලස්සන නිසා නොදැනුවත් කමට අරන් එනවා.අඩුම තරමේ විකුණන අය කියන්නෙවත් නෑ මේ කළපු මාලුවෙක් කියලවත්.අන්තිමට ගෙනාපු මනුස්සයා දන්නෙවත් නෑ ඇයි මාලුවා මැරුනේ කියලවත්.

මේවා කිව්වාම රෙදි උස්සන් එන්නනම් සෑහෙන්න දෙනෙක් ඉන්නවා, ඒ වගේම ඒවට පක්ෂව කතා කරන්නත් හෙන මොලකාරයෝ සෙට් එකක් ඉන්නවා.තමන්ගේ ටැංකියේ මෙච්චර කාලයක් හිටියා,කිසි අවුලක් නෑ ,ඕවා බොරු කතා ,බය නැතුව අරන් හදන්න අරකයි මේකයි කතන්දර ගොඩයි.

එහෙනම් ඔය විදිහටම අපි මේ ටැංකිවල හදන ගප්පි, කාප්, ගෝල්ඩ්ෆිශ්,කැට්ෆිශ් ඉඳන් ඇරපිමා, ඇලිගේටර් ගාර්, වේල් කැට්ෆිශ් වගේ දැවැන්ත මාලු වෙනකම් ජාති සීසන් කරලා මුහුදු වතුරේ,කලපු වතුරේ හදන්න පුලුවන් වෙන්න එපැයි.

ඒත් අන්තිමට වන්දි ගෙවන්නේ අසරණ මාලුවා.අවුරුදු 10ක් විතර ජීවත් වෙන මාලුවෙක් අවුරුද්දක් දෙකක් ටැංකියක ජීවත් වෙලා මැරිලා යනවා කියන්නේ ඒ උගේ සම්පුර්ණ ආයු කාලය නෙමෙයි.ඕක තේරුම් ගන්න බැරිනම් මාලු හදන්නේ, විකුණන්නේ මොකටද?

කලපු මාලු විතරක් නෙමෙයි ,ස්වාභාවික මිරිදිය මූලාශ්‍ර වලින් අල්ලගන්න මාලු පවා ටැංකිවල හදනකොට විවිධ ගැටලු මතුවෙනවා.වතුර සමාන වුනාට ඒ මාලු ඉන්න පරිසර තත්ව වෙනස්.ඒ පරිසරයට අනුගත වෙලා ඉන්න මාලු එකපාරටම අලුත් තැනකට දැම්මාම ඒ සත්තුන්ට හරි අමාරුයි හැඩගැහෙන්න.

හොඳම උදාහරණය ටිකක් හිතල බලන්න ලංකාවේ දේශගුණයෙන් මිදිලා එකපාරටම අධික සීතල හෝ අධික උණුසුම් තැනකට තමන්ව ගිහින් දැන්නොත් කිසි සූදානමක් නැතුව කොහොමට තියෙයිද? ඒ වගේ තමා මාලුන්ටත්.ඒ ඒ ජීවියා හැඩගැහිලා තියන විදිහ වෙනස් ඒ නිසා සීසන් කරලා කියන බොරුවට රැවටෙන්න එපා.මොකද අපිට සීතලට ජැකට්, උණුහුමට AC තිබුනට මාලුන්ට තියෙන්නේ උන්ට සොබාදහමෙන් ලැබුන ප්‍රතිශක්තිය විතරයි.

හැමකෙනෙක්ටම වගකීමක් තියනවා තමන් මාලුවෙක් ගන්න කලින් ඒ මාලුවා ගැන හොයල බලන්න.මාලුවා අරන් ගෙදර ආවට පස්සේ ඌ නොකා ඉද්දී පැත්ත ගහලා ඉද්දි පෝස්ට් දාන්න එපා.මාලුවා ගේන්න කලින් හොයල බලන්න.

ඌ මොනාද කන්නේ, කොහොම පරිසරයකද ඉන්නේ,මොන වගේ හැසිරීමක්ද තියෙන්නේ,මොන වගේ මාලු එක්කද හදන්න පුලුවන් කියන දේවල් හොයලා බලන්න.

මාලු ගෙනාවට පස්සේ බොරු කරලා දීලා,වංචාවක් කිය කිය කියන්න එපා.

කෑමක් ගන්න කලිනුත් ඒකේ තියන දේවල්, හදලා තියෙන්නේ මොනා වලින්ද කියලා හොයල බලනවනේ.එහෙනම් ඇයි මේ පණ තියන අසරණ සත්තුන්ගේ ජීවිත ගැන හිතන්නේ නැත්තේ.

දිමුතු වීරසේකර-