හතුරුසිංහගේ පැමිණීම ස්‌ථිරයි… දයාසිරි කියයි

Spread the love

හිටපු ප්‍රවීණ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක හා බංගලාදේශ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසනවා.

චන්දික හතුරුසිංහ මහතාගේ පැමිණීම අපි ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නා බවද ඇමැතිවරයා ඊයේ (15 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටි අතර බංග්ලාදේශයේ ලබාදී තිබු අධික වැටුප හා පහසුකම් සියල්ල දමා ආපසු පැමිණීමට ඔහු ගත් තීරණය අගය කළ යුතු බවද ප්‍රකාශ කළා.