හම්බන්තොට දී පොලිස් අධිකාරිවරයකු පුද්ගලයකුට පහරදීම ගැන වාර්තාවක් කැඳවයි

Spread the love
හම්බන්තොට ඊයේ (06) පැවැති විරෝධතාවය අතරතුර සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැවා තිබෙනවා.

පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ වාර්තාව ලැබීමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා (12) ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද සිදුකරන බවයි.

හම්බන්තොට ඊයේ 906) පැවැති විරෝධතාව අතරතුර සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට පහරදෙන වීඩියෝවක් මාධ්‍ය මගින් ප්‍රචාරය වී තිබුණා.

පහරදීමෙන් අනතුරුව අදාල පුද්ගලයා රෝහල්ගත කෙරුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.

[rns_reactions]