ඇමති මංගල සමරවීර සමාජ මාධ්‍ය ජාල අඩවි භාවිතා කරමින් ආගමික නායකයන්ට අපහාස වන අන්දමින් පණිවිඩ නිකුත් කිරීම ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස තරයේ හෙලා දකින අතර එම පුද්ගලයා විසින් මැල්කම් රංජිත් කාදිනල් තුමන්ට හා රතන හිමියන්ට අපහාස වන අන්දමේ Twitter පණිවිඩයක් ඔහුගේ පෞද්ගලික Twitter ගිණුමෙන් යාවත්කාලීන කිරීම ජනතාව කුපිත කිරීමට කටයුතු කිරීමක් ලෙස ඉතා පැහැදිලිවම දැකගත හැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.
පසුගිය දිනවල සරසවි ශිෂ්‍යයෙකු සමාජ මාධ්‍යවල ජනතාව කුලප්පු කිරීමක් සිදුකරා යැයි පවසා සිරභාරයට ගත් අතර මෙලෙස අමු අමුවේ ප්‍රසිද්ධියේ පසුගිය දිනවල ජනතාවගේ අවධානය දිනාගත් ආගමික නායකයින් දෙපලකට අපහාස කරනා Twitter පණිවිඩයක් තම Twitter ගිණුම මගින් නිකුත් කිරීම මගින් රටේ වගකිවයුතු ඇමතිවරයෙකු ලෙස ජනතාව කුපිත කොට ඔවුන්වෙත ලබාදෙන්නේ වැරදි පූර්වාදර්ශයක් නිසා වහාම නිතිය ක්‍රියාත්මක කරන අංශ මේ පිලිබදව තම අවධානය යොමු කොට තරාතිරම නොබලා නීතිය මෙවැනි පුද්ගලයන්ට ක්‍රියාත්මක කල යුතු බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අවධාරණය කරමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

