“හිත රිදුනත් ඇත්ත උත්තරය අහන්න මම කැමතියි” – කූඹියෝ ගැන විචාරයක් මෙන්න..

Spread the love

“හිත රිදුනත් ඇත්ත උත්තරය අහන්න මම කැමතියි”

ජේහාන් ඒසේ කියන්නේ ධනපති පන්තියේයෙහෙලියකටය.
එතැන ඇත්තේ එක් සංවාදයක පුංචි කොටසකි.මම හැමදාම 
හැමදෙයක්ම මට දැනෙන තැනින් අල්ලා ගත්තෙමි.මේ කුඹියෝ ටෙලි වෘතාන්තය නැරඹු එකලොස් වන දිග ඇරුමෙහි මම අල්ලා ගත් තැන වෙමි.එනම් අනෙක් සිද්ධින් නොදැනිම නොවන බවද කිව යුතුය.
මම එහි ආදරය කරන චරිතය ප්‍රියන්ත මහඋල්පත ගම වෙමි.ඔහු මගේ පිළිබිඹුක්ය.හැසිරිම්,කතාව,හිනාව,රැවුල,කොන්ඩය ඒසේමය.
ඈත දවසක ජාතික රූපවාහිනිය තුල විකාශනය වු “ඒ ලෙවල්
ඉවරයි” ටෙලි වෘතාන්තය තුල ද ඒසේම මම වැන්නෙකු සිටියෙමි.
ඒ අජන්ත නමින්ය.කේසේ වුවද මෙම දෙදෙනාම කුරූණෑගලට කිටිටු කමක් ඇත. .
දුමිදු දොඩන්තැන්න, ජේහාන් ය.කළණ ගුණසේකර ,ප්‍රියන්තය.
ඒ චරිත දිග හැරෙන විදිහයි.මම කැමති දෙබස උඩ සදහන් “හිත රිදුනත් ඇත්ත උත්තරය අහන්න මම කැමතියි” යන වචන ස්වල්පයට වෙමි.
හැමදාම මට දැනෙන තැනින් අල්ල ගෙන මම රිදවා ගතිමි.
කොයිතරම් දුක හිතුනත් ඇත්ත ඇසිමට ද කැමතිය.එසේම කිසිම දවසක පොළවක පැල කල නොහැකි කිසිම කලා නිර්මාණයක් නොබලයි.

ඉතිං කූඹියෝ පටන් අර ගන්නේ මරදාන අහස යට යැයි කිව හැකි
තැනකිනි.ප්‍රචණ්ඩත්වය ඒ දිග හැරුමේ දිස් විණ.මහ පොළව උඩ
සිදුවන ඒ සිදු විම මරණය නොපෙන්වා වෙඩි හඩින් අවබොධකර වුයේය.පසුව පෙර කි රංගන ශිල්පින්ට අමතරව විශිෂ්ට රංගන
ශිල්පින්ගේ නාම ලේඛණය තිරය මත විසි කලේය.
මට අලුත් අධ්‍යක්ෂක වරයෙක් ඒ තිරය මත ඇද වැටින.ලක්මාල් ධර්මරත්න ය.තිර පිටපතටද ඔහුගේ නම ඈදුන අතර දමිත චන්ද්‍රසිරි ද ඊට එකතුව තිබිණ.
“මට සාමාවෙන්න මහජන පුස්ථකාලය කොතනද?”ජේහාන් ධනපති
පන්තියේ හෙවත් පොස් යැයි පෙනුමක් ඇති තැනැත්තියකගෙන් ඉංග්‍රිසි හාෂාවෙන් ප්‍රශ්න කරයි.පසුව ඇයට බංගලාදේශියන් බව ද
ජේහාන් පවසයි.එතැන දි ජේහාන්ට ප්‍රියන්ත මුණ ගැසෙන්නේ 
මහජන පුස්ථකාලය පෙන්වන්නට එම කොළඹ ධනපති පන්ති පෙනුමකින් බස් රථයේ හිඳ සිටි තරුණිය භාර කිරිමත් සමගය.ඇය
ඊට මේහා තැනකින් බැස්ස නිසාය.
පසුව මේම අහම්බකාර මිත්‍රත්වය ගොඩ නැගෙයි.පසුව ප්‍රියන්ත ජේහාන්ගෙන් අසන්නේ අයියා සිංහලද කියාය.
ඔව් බං.එකි මම එක්ක සිංහලෙන් කාතා නොකරන නිසා බොරු
කියු බව සදහන් කරන ජේහාන් “පිටරට එකෙක් කිව්වොත් මැරෙයි.
බංගලාදේශ කිව්වත් ඇති.මට නම්බර් එකත් දුන්න.”කියා කියද්දි
ප්‍රියන්ත මරු යැයි කියයි.ඒතැන ඇත්තටම මරුය.ආදාල අයට රිදෙන් වචන හසුරවයි.ප්‍රශ්න කරයි.මෙම ටෙලි වෘතාන්තය එතැන්
සිට ප්‍රක්ෂකයා වශි කර ගත්තේය.නැත මම වශි විමි.එය අපේ සමාජයයි.බස්වල යනෙන අය එසේය.ඒ අහඹු මුණ ගැසිම් ඇත්තය.ඒ තුල අපි ජිවත්වෙමු. 
ප්‍රියන්ත ආ ගමන අතැර ජේහාන් සමග බස් රථයන් බැසිමටද තරම්
ඒ මුණ ගැසිම සොදුරු විය.
“මරු”
“හරි චොක්නි මහත්තයා”
යන වචන ප්‍රියන්ත ගමෙන් ගෙනා වචනය.ඒ හිනාව අහිංසකය.ඉතිං 
ජේහාන් කැමතිද ඒවාටය.
නාටකය සිරුවට නිරායාසයෙන් ගලාගෙන යයි.අනවශ්‍ය එක් හසු
කිරිම් නැත.කතාව ගොඩ නැගිම රංගනය තාත්විකය.පරිසරය සහ අවට ශබිද අප ඇඳ බැඳ ගනි.
ඔවුන්ගේ ව්‍යාපාරයක් අත් අඩංගුවට පත්වන්නේ ඔය අතරය.එහිදි
ප්‍රියන්තට වෙඩි තැබිමට යන විට ජේහාන් පැන බේරා ගනි.ඒ මනුෂ්‍යත්වය චරිත වල තවරා ඇති තැන්ය.පසුව උඹ මා දමා
යන්නේද කියා ජේහාන් ප්‍රියන්තගෙන් අසන විට පිළිතුර හැගුම්
බරය.
“අයියා මොනා කලත් මාව බේරා ගත්තනි.මම වැඩ කල
කිසිම තැනක එහෙම මාව බේරා ගෙන නෑ”
ඒ වචන හිස්මොළ දක්වා ඇදුම් කයි.
පසුව ඔවුන් දෙදෙන රැගෙන යන අතර තුර නිලධාරින්ව ප්‍රශ්න කරන ආකාරය පුදුමය.ඒවා ගැලපේ.

“ගමේ කොල්ලෝ අපි.සර් මම ඔක්කොම.ගමේ ඉදල කොළඹ ඇවිත් කට්ටක් කලා ලයිෆ් එක ගොඩදාන්න හදනකොට අපි කෙලවන්නේ ගමේම අය”
“සර් කුරුදුවත්තේ පොමනේරියන් බැල්ලියෝ දන්නවනම් ගමේ එකෙක්මයි ගමේ එවුන්ට කෙලවන්නේ කියල උන් සතුටුවෙයි”

මේ ප්‍රශ්න කිරිම් පපු කුහර රිදවා තබනවා.ඒවා ඇහෙන්නේ අපේ පපු කැවුත්තෙනි.
“සර් අපි ගත්තේ සියයට දහයයි’එත් කාසද බඳින්න කියද?උප්පැන්නේ ලියන්න කියද?එවට නඩු නැද්ද?”මේ මට මතක හාරා
දමන දෙබස්ය.මම නැවත කියන්නේ ප්‍රියන්තට මම ආදරය බවය.
ඒසේම ජේහාන්ගෙ වචන වල ගැඹුරට ආදරය කරන බවය.

ඉතිං ඔබටද මතක ඇති විදිහට සිද්ධි මතක් කර ගත හැකිය.පසුව
එවා විචාරය කල හැකිය.එනම් දේවේශය අත් හල යුතුය.කුඹියෝ ගිතයද එසේය.ගැලපිම් අතින් වෙන කිසිම ආදේශකයක් අවැසි
නැත.පාතාලයේ සම්බන්ධතා මනාවට හසුරවා ගනි.ඔහු අනේකා
ගැන සිතයි.මෙය දිගටම පවත්වා ගැනිමට ප්‍රියන්ත ඉතා සරලව නිර්ව්‍යාජව ගමේ ගැමි කම විසි කරයි.
නැවත මා එන්නේ සමස්ත කතාවටය.දුසිමක කොටස් ඉවර වු කුඹියන්ටය.එනම් මේ පවතින මොහොත කලාවක් ඇතුලේ ප්‍රශ්න
කරන ආකාරයටය.ආදරය ලැබිම නොලැබිම සහ ලැබි කල් ගිය
පසුව එහි විග්‍රහයටය.
ජේහාන්ට සාගර ලෙස අමතන ධනපති යෙහෙලි අංජනා මුණ ගැසුණ තැන සිට නැවත අලුත් වුන යහලුකම
නිසා ඇති වු දෙවන මුණ ගැසිමෙනි.
ඒ තම සැමියා අවිශ්වාස කරන මොහොතය.ඒ තුළ අනෙක් සියළු
මෙගා නාටක තුළ ඇති කරන සැකය ගැටලු නිවන අවස්ථාවය.ජේහාන් ඒවාට මේ පොළවේ ක්‍රියාත්මක කල හැකි උත්තර දෙයි.
“දැන් උඹට මම සියල්ල හොයල දුන්නහම මොකද කරන්නේ”
ජේහාන් අසයි.
“මම නොදන්නවා වගේ වෙනදටත් වැඩියෙන් ආදරය පෙන්නල
ඒ ගැනිගෙන් බේර ගන්නව”අංජනා කියයි.
මේ සැමියාගේ කාර්යාලයට අලුත් සෙකටිරි බඩ්ඩ පැමිණිම නිසා
ඇති වු සැකය තහවුරු කර ගැනිමට ගත් උත්සහයයි.
“එහෙනම් උබ දැන් ඉඳල ඒක කරපං.යකෝ මිනිහට එහෙම සම්බන්ඳයක් නැ.”ජේහාන් කිවේය.
“ඒ කියන්නේ කොහොමඳ”ඇය අසන්නිය. 
“යකෝ ඇයි උබ ඔය මගුල හෙව්වත් නොදන්නවා වගේ නම් ඉන්නේ ආයි හොයල ඇයි.දැන් ඉඳලම ආදරෙන් ඉඳපං”
මරුය.මරු කියන තැනට වෙන පද වැඩක් නැත.ඇත්තටම මරුය.
ජිවිතයට පාඩම් ගෙනෙන්ට මේ තරම් සුලු වචනයකට පුලුවන්
බව ඇත්තය.මම හැමදාම නතර වන්නේ ආරය ලග වෙමි.ඒ නිසා
කෙලව ගෙන ඇත.මම ආදරය කල දේවල් අහිමි කර ගෙනද ඇත්තෙමි.එහෙත් අනෙකා ආදරය කරන ලෙස හැඩ වුනේය. එ කැප කිරිම්ය.ඉවසිම්ය.හිත අසනි වැසි වස්සවද්දි දාරා ගැනිම්ය.

මේය කාලා කෘතියක් නොවන්නේය.මේය ටෙලි වෘතාන්තයක් නොවන්නේය.ඇත්තටම රඟ දක්වන්නක් නොවන්නේය.සැබැවින්ම
මා ජිවත්වන ලොකයේ ප්‍රතිබිම්බයක් වන්නේය.මම අත් විදින දේ 
නිරෑපණය කරන්නකි.
ආදරය කරන්නට දුප්පත් එවුන්ට බැරිය.මන්ද ප්‍රග්ධනය විසින්
ඒ ආදරයන් මිලදි ගන්නා නිසාය.ඒවගේම මිල කිරිම් වලට හසු නොවන ආදරයන් ද ඇත.ඒ ජේහාන්ය.ප්‍රියන්තය.ප්‍රියන්ත යනු මමය.ඔවුන්ට ආදරය කොතරම් තිබුණද අවභාවිතා නොකරයි.
නමුත් ඒ ආදරය අල්ලාගෙන රවටා විනාශ කිරිමට ගොඩක් අය කැස කවයි.
ඒ ආදරය ගැන විග්‍රහය.මම ලියන්නේ දැනෙන දේ වෙමි.එහෙත්
තමන් ඉපැදුනු හැදුන තැන්,ආර්ථිකය,දේශපාලනය,මනුස්ස තෙත සහ වියළි බව,බොරුව තුල ඇති රැවටිම සහ සත්‍ය,සියල්ල කතා
කරයි.
දැන් මම කියන්නේ මේ මම බලන එකම කතාවයි.ඊට පෙර මා
සතියක් තිස්සේ අඬවා තැබුයේ “ගොළු තාත්තා” ය.ඒසේම “කවිය නුඹ”,බැද්දේ කුලවමිය”,”බොහිමියානුවෝ”ද මා ඔහේ ඇවිද්දේව්වේය.
මම හැමදාම හිත රිදවා ගතිමි.සමහරු එය දැනගෙන උඩ පැන පැන ලොකු උල් වලින් ඇණ රිදවති.තැලෙන යකඩ උඩ පැන පැන තලන්නා සේය.මම කරබාගෙන සිටින්නේ ඔවුන්ගේ සතුට එය නිසාමි.රුවටිම,ඇන්දිම,වංචාව,ආනාදරය ලෙස විවිධ උල් ඒ අතර ඇත.
කේසේ වුවත් මාත් හිත රිදුනත් ඇත්ත උත්තරය අහන්න කැමතිය.
ඒ තුල රැවටිමට මම තේරුම් නොගැනිම යැයි කියා වෙනස් කරමි.ආදරයට ජිවිතය යැයි කියා වෙනස් කරයි.
කුඹියන්ට මගේ කතාව යැයි කියා කියයි.

“අයියා තමයි අයියේ දවසකට හරි මිනිහ.රස්නෙවත් යන්න උනේ නැ.තව එකක්.ගල් ඉබ්බා” ප්‍රියන්තගේ වචන නොව මගේය.
කුරුම්බා කැඩිම,ක්‍රිකටි ගැසිම්,අඩියක් ගැසිම්,කුණුහරපෙන් බැනිම අමතක නොවන්නේය..ඒ අපේ ජිවිතය.

තව කොටස් ඉදිරියට තිබියදි මේසේ ලිවිම ගැටලු සහිත විය හැක.මන්ද මෙතෙක් ජනප්‍රිය සියලු නිර්මාණ මාගල් සේ දිගට අදින්නට ගොස් අනා ගත් නිසාය.ඉතිහාසය වෙනස් විම් මා මෙම
ලියමන තුල වග නොකිය යි.නමුත් මා ඇත්තට කැමතිය.

[rns_reactions]