හිරුණිකාට ඇප

හිරුණිකාට ඇප
Spread the love

2015 වසරේ පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර තුනක සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රුපියල් ලක්ෂයක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (22) නියෝග කළේය.

මීට අමතරව හිරුණිකා වෙත රුපියල් 50,000ක ශරීර ඇප දෙකක් සහ විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත. කොළඹ මහාධිකරණය නියම කළ වසර තුනක සිර දඬුවම අභියෝගයට ලක් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර ඇත.