42% මුස්ලිම් ළමා ජනගහණ වර්ධනය ගැන කියන කථා බොරු! මෙන්න ඇත්ත.. (රජයේ සංඛ්‍යාලේඛන සාක්ෂි සහිත විශේෂ අනාවරණයක්)

42% මුස්ලිම් ළමා ජනගහණ වර්ධනය ගැන කියන කථා බොරු! මෙන්න ඇත්ත.. (රජයේ සංඛ්‍යාලේඛන සාක්ෂි සහිත විශේෂ අනාවරණයක්)
Spread the love

රටේ සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී සියලු ජනවර්ග අභිබවා මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සියලු සාක්ෂි සාධක සහිතව ඊයේ(19) පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකදී ගෙන හැර දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා,

මුස්ලිම් ළමා ජනගහනය පිළිබඳ විවිධ කටකතා යනවා. සමහරු කියනවා ළමා ජනගහනයේ මුස්ලිම් ප්‍රතිශතය 42%යි කියලා. නමුත් මේ කතා කියන්නේ මූලාශ්‍ර පදනම් කරගෙන නොවේ. මුස්ලිම් ජනගහනයේ සීඝ්‍ර වර්ධනය තිබෙන බවත් ඇත්තක්. නමුත් ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුව ළමා ජනගහනය ජනර්වග අනුව වාරතා කරන්නේ නැති නිසා මේ පිළිබඳ විශ්වාසනීය තොරතුරු සමාජයේ නෑ. මේ නිසා 2012 ජන සංගණනයේ තොරතුරු පදනම් කරගෙන ළමා ජනගහනයේ ජනවාරගික සංයුතිය සකසා දෙන්න කියා මම ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්දු බණ්ඩාර මහත්මියගෙන් ඉල්ලීමක් කළා. මගේ ඉල්ලීමට අනුව එතුමියගේ ප්‍රතිචාරය දක්වා තිබෙනවා. එම ලිපි දෙකම මා ඔබ හමුවේ තබනවා.

2012 දී සමස්ත ජනගහනයෙන් 75%ක් සිංහල, 11%ක් ලංකා දෙමළ, 4%ක් ඉන්දියානු දෙමළ සහ 9%ක් මුස්ලිම්. ඒ වසරේ දීම ළමා ජනගහනයෙන් 71%ක් සිංහල, 12%ක් ලංකා දෙමළ, 5%ක් ඉන්දියානු දෙමළ සහ 12%ක් මුස්ලිම්. සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගිහින්. නමුත් සිංහල පමණක් 75% සිට 71% දක්වා 4%කින් අඩු වෙලා. වැඩිම ර්වධන වේගයක් පෙන්වන්නේ මුස්ලිම්. මුස්ලිම් ජනගහනය 9% සිට 12% දක්වා වැඩි වෙලා. 9 සහ 12 කුඩා ඉලක්කම් ලෙස පෙනුනත් එය බරපතල වර් ධණයක්. 33% වඩා වැඩි වර්ධණයක්.

අවුරුදු 5 සිට 9 දක්වා වයස් කාණ්ඩයට සාපේක්ෂව අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩය තුල සිංහල ජනගහනය වැඩි වී ඇත්තේ 0.5%කින්. නමුත් මුස්ලිම් ජනගහනය 1.4%කින් නැතිනම් තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා. මෙය අද තත්වය නෙමෙයි. 2012 තත්වයයි. වත්මන් තත්වය දැනගන්න වෙන්නේ 2021 පවත්වන ජන සංඝනනයෙන් පසුවයි. මෑත කාලයේ මුස්ලිම් ජනගහනයේ සීඝ්‍ර ර්වධනය දශක ගණනාවක් පුරා දකින්න ලැබෙන දෙයක්. 1953 දී 6%ක් වූ මුස්ලිම් ජනගහනය අවුරුදු 28කට පස්සේ 1981 දී ර්වධනය වී තිබුණේ 7% දක්වා පමණයි. නමුත් එයින් අවුරුදු 30කට පස්සේ 9% දක්වා ර්වධනය වෙලා. ළමා ජනගහනයේ ප්‍රවණතා සලකා බලන විට ඉදිරි වසර දහය තුල මුස්ලිම් ජනගහනය 12% ඉක්මවා යනවා.

ඒ වගේම නිදහසින් පසු ප්‍රථම වතාවට 2012 දී ළමා ජනගහනය තුල සිංහල ප්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කරනවා. ලංකාවට ආවේණික වූ සිංහල ජාතිය වඳවීම ආරම්භ වී ඇති බවයි මෙයින් පෙන්නුම් කරන්නේ. අපි මේ දත්ත ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාරතමේන්තුවෙන් අරගෙන විද්‍යත්මකව විග්‍රහ කරලා ප්‍රථම වතාවට හෙළි කරණවා 2012 ජන සංඝණන වාර්තාව අනුව සිංහල ජාතිය වද වෙමින් පවතින ජාතියක් බව මේ වන විට නිල වශයෙන් තහවුරු වී ඇති බව.

අපි එයට බය වෙන්නේ ඇයි. ඇෆ්ගනිස්ථානයේ බහුතරය බවට මුස්ලිම් ජනතාව පත්වූවාට පසු කණිෂ්ක රජතුමන් මින් වසර 1600 කට පෙර ඉදි කල බාමියන් බුදු පිළිම කුඩු පට්ටම් කර දැම්මා. බාමියන් බුදු පිලිමවලට අත් වූ ඉරනම අපේ රටේ අවුකණ බුදු පිළිමයටද අත්වෙනවාට අප බියෙන් පසු වන නිසයි අප මේ ගැන ජාතියේ අවධාන යොමු කිරීමට තීරණය කලේ.