හොරු ඇල්ලුනද..?? අපි ඇන්දුනද..?? මන්දා නේද..

Spread the love

77 වන පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් ඊයේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, එජාප මහලේකම් කබීර් හෂිම් මහතා එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වු අතර හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂද ඊට සහභාගී සිටියහ.

එහිදී හිටපු ජනාධිපතිවරයාව දුටු එජාප මහලේකම් කබීර් හෂිම් මහතා දරා ගත නොහැකි තරමේ සතුටකින් යුතුව මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් අයුරු අමාත්‍ය කබීර් හසීම් මහතාගේම ෆේස්බුක් පිටුවේ මෙසේ පළකර තිබිණ.

මෙය දුටු අපට මතක් වූයේ පසුගිය මැතිවරණයේ එජාපයේ ප්‍රධාන මාතෘකාව වූ රාජපක්ෂ පක්ෂ රෙජීමයේ හොරු අල්ලනවා කියූ කතාවයි.

එනිසා මෙය දකින්න යහපාලනයට ඡන්දය දුන් ඡන්ද දායකයින්ට ඔවුන්ගෙන්ම අසාගැනීමට ඇත්තේ “හොරු ඇල්ලුනද..? නැත්නම් අපි ඇන්දුනද..?” කියාය.