ආනමඩුව විවිධ සේවා සමුපකාරයේ නිළ වරණය ඊයේ දිනයේ පැවැත්විය. එහිදී ඒකාබද්ද විපක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන සනත් නිශාන්ත මහතාගේ බලපෑම මත ඇතැම් ඡන්ද හිමි සාමාජිකයන්ගේ තොරතුරු ඔවුනට වාසි දායක වන අයුරින් කූට ලෙස වෙනස් කර ඇත. එම හේතුවෙන් ඇතැම් සාමාජිකයන්ට සිය ඡන්දය ප්‍රකශ කරගත නොහැකි වූ නිසා සනත් නිශාන්ත මහතා හොර පාරෙන් ඉතාමත් කුට ලෙස දිනුම් කනුව වෙත ඉතා පහසුවෙන් ලගා වී ඇත.
ප්‍රථිපලය මෙසේයි.
පොදුජන පෙරමුණ ආසන 180 ක්
එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තේ ආසන 18 ක්
ශ්‍රීලංකා නිදහස් පක්ෂය 00යි
ජවිපෙ. 00යි.
මෙම ප්‍රථිපල සත්‍ය නොවන බව ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර මෙම සිද්දියට අදාලව රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා හා සනත් නිශාන්ත මහතා අතර උණුසුම් තත්වයක්ද ඇතිවිය.
සමුපකාර ඡන්දයෙන් පසුව ආණමඩුව උණුසුම් වෙයි
සනත් නිශාන්තලාගේ පැටිකිරිය අමුතුවෙන් කිව යුතුව නැත. ඉතා පහත් මානසිකත්වයකින් කටයුතු කරමින් සිටින මොවුන් පොහොට්ටුවේ බලය පෙන්වීම සඳහා සමුපකාර ඡන්දය පවා කොල්ල කයි. අවුරුදු 10ක් රට කරපු හැටි අපට අමතක නැත. සනත් නිශාන්තගේ නිවසෙහි විදුලිබිල ලක්ෂ 10ක් පමණ වූ නමුත් එය පවා ඔහු ගෙවා නැත්තේ රාජපක්ෂ උෂ්ණය ඔලුවට ගෙනය.
ප්‍රජාතන්ත්‍රවාදී යහපත් සමාජයක් බලාපොරොත්තුවන ජනතාව රට බාර දිය යුත්තේ මෙවැනි සට කපටියන්ටද?