"ෆේස්බුක් මර්දන බලය මට හොඳින් පුරුදුය" සමනලී තැබූ facebook සටහන…

Spread the love

රංගන ශිලිපිනි සමනලී ෆොන්සේකා share කල  මෙම post සම්බන්දව බොහෝ කතා බහ ඇතිවුනා. 

ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි ජාතික හෙල උරුමය පොලිස්පතිවරයාගෙන් පවා  ඉල්ලා සිටීයා…

මේ පිළිබඳව සමනලී තම facebook පිටුව මත මෙසේ අදහස් පලකොට තිබෙනවා.

“ෆේස්බුක් මර්දන බලය මට හොඳින් පුරුදුය.

මේ මාගේ සිව්වන ෆේස්බුක් ගිණුමය. ගැහැණියක ලෙසත්, රංගන ශිල්පිණියක ලෙසත් මා යම් මතයක් දැරීම බහුතරයකට ඉවසිය නොහැක. ඔවුන්ගේ ෆැන්ටසි නිළියන් සෙල්ෆී වලට පමණක් සීමාවී සිටීම ඔවුන්ට සහනයක් ගෙනදෙයි. ඔවුනගේ ෆැන්ටසිය බිඳ දමමින් වෙනස් මතයක් දැරීම ඒ මතයට දක්වන විරුද්ධත්වයකට වඩා එහා ගිය පිරිමි සංවාදයට එක්වන ගැහැණියකට දක්වන විරුද්ධවයකි. වෙනස් මත දරණ තවත් පිරිස් සිටිය ද මාගේ ගිණුමට විරුද්ධව පමණක් වාර්තා කොට මාගේ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට මොවුන් කටයුතු කරන්නේ මන්දැයි මම නොදනිමි. කෙසේ වෙතත් මාගේ ප්‍රකාශන මාධ්‍ය හුදෙක් ෆේස්බුක් පමණක් නොවන බව ඔවුන් නොදන්නවා යැයි මම නොසිතමි. මේ වන විටත් මාගේ ෆේස්බුක් ගිණුමට විරුද්ධව වාර්තා පැමිණෙමින් ඇති බව මට ඊමේල් මගින් දැනුම් දී ඇත. එහි මට කිසිඳු ගැටලුවක් නැත. එහෙත් මාගේ මෙම ෆේස්බුක් ගිණුම අත්හිට වුවහොත් මේ වන විට පාඩු සිදුවිය හැකි පාර්ශවයන් බොහෝ පිරිසක් සිටී. ඔවුනට අවශ්‍ය සාක්ෂි ලබා ගැනීමටත්, මට මඩ ප්‍රහාර එල්ල කිරීමටත්, අදැහිය නොහැකි පරුෂ වචන යොදා පෝස්ට් සාදා ඒවාට මා ටැග් කිරීමටත්, නින්දිත වදන් ලියා මැසෙන්ජර් පණිවිඩ එවීමටත්… ඔවුන්ට ඒ මගින් නොහැකි වේ. එබැවින් මාගේ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට මේ මොහොතේ වාර්තා කරමින් සිටින්නනි, ඔබ මේ ක්‍රියාවෙන් අවාසියක් සිදු කරන්නේ මට විරුද්ධව ක්‍රියාකරමින් සිටින ඔබේ සගයන්ටයි!”

– සමනලී ෆොන්සේකා.

[rns_reactions]