ෆොන්සේකාට බලතල දෙන බවට ජනාධිපති කීවේ විහිළුවකට?

Spread the love

රටේ විනය රැකීමට ආරක්‍ෂක අංශවල බලතල ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබා දිය යුතු බවට ජනාධිපතිවරයා ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රකාශ කළේ විහිළුවට මෙන් බව සමාජ සවිබල ගැන්වීම හා සුබ සාධන ඇමැති එස්‌. බී. දිසානායක  සඳහන් කර තිබෙනවා.

මෙම ඇමැති මණ්‌ඩල රැස්‌වීමට තමාද සහභාගීවු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ප්‍රකාශය කිරීමෙන් පසුව එහි සිටි ඇමැතිවරුන්ට සිනහ ගිය බවත් ඊයේ (27) ශ්‍රී ලංකා  නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සඳහන් කළා.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට විනය රැකීමට භාරදීම පිළිබඳ ප්‍රකාශයෙහි විහිළුවකට එහා ගිය දෙයක්‌ නොමැති බවද ඒ ගැන ගණන් ගත යුතු නොමැති බවද එස්‌. බී. දිසානායක ඇමැතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

[rns_reactions]