බැඳුම්කර මගඩියේ මහා වංචාව හෙළිවෙන අතිශය රහස් දුරකතන ඇමතුම් මෙන්න

Spread the love

රට තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවූ වංචා, දූෂණවලට අදාළ දුරකතන සංවාද සහිත හඬපටයක් දූෂණ විරෝධී හඬ සංවිධානය මඟින් පසුගියදා (01දා) මාධ්‍යයට නිකුත් කෙරිණි.

එකී හඬපටයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු අතර ඇති වූ සංවාද ඊට ඇතුළත්ව තිබිණි.

මෙම හඬ පටය තම සංවිධානයට විදේශගත පුද්ගලයකු හරහා ලැබුණු බව “දූෂණ විරෝධී හඬ” කැඳවුම්කරු ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පැවැසීය.

2015 පෙබරවාරි 27දා දින සිදුකළ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඉහළ පොලියට බැඳුම්කර මිල දී ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දීම හා බලපෑම් කිරීම බැඳුම්කර වෙන්දේසිය නිමවන වෙලාවට වඩා විනාඩි 10ක් ලබාදෙන්නැයි පර්පචුවල් සමාගම මහ බැංකුවෙන් ඉල්ලීම් කළ ආකාරය, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක අධ්‍යක්‍ෂ කසුන් පලිසේන 2012න් පසු මෙවැනි ගනුදෙනුවකට අත ගැසූ ආකාරය, 12.5 ඉක්මවූ පොලී අනුපාත ඉහළ දැමීමෙන් වෙළෙඳපොළට බලපෑ ආකාරය ඇතුළු හෙළිදරව් කිහිපයක් මේ හරහා තහවුරු කර ඇත.

වසන්ත සමරසිංහ මහතා පවසන්නේ මෙවැනි දැවැන්ත වංචාවකට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් වෙනත් සොරකම්වලට චෝදනා ලැබ සිරගත වූවන් සියලු දෙනා නිදහස් කළ යුතු බවය.

තමා මෙම හඬ පටයේ පිටපත් බැඳුම්කර වංචාව පිළිබඳව සොයන ජනපති කොමිසමට නම් ගම් සහිතව ලබන සතියේ ලබා දීමට කටයුතු කරන බවත් එකී සංවාදවලට අදාළ වූවන් කවුරුන්ද යන්න පරීක්‍ෂා කර ඔවුන් කොමිසම හමුවට කැඳවීමට වහාම පියවර ගත යුතු බවත් සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
ඒ හරහා වංචාවට අදාළ මහ මොළකරුවන් කවුරුන්ද යන්න මනාව තහවුරු කර ගත හැකි වනු ඇති බව ද ඔහු පැවැසීය.

කෙසේ නමුත් මෙකී වංචාවට අදාල පුද්ගලයින් කවුරුන්ද යන්න රටට හෙලි කිරීම තම සංවිධානයේ වගකීම බව ඒ මහතා පැවසීය.
ඒ අනුව විටෙක රාජ්‍ය බැංකු ප්‍රධානී හා මහා භාණ්ඩාගාරයේ නිලධාරිනිය, තවත් විටෙක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ඉහළ නිලධාරීන් හා මහ බැංකු නිලධාරීන් කළ සංවාදයන්ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හා ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු නිලධාරියා සමඟ මෙන්ම, මහ බැංකුවේ හා ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු නිලධාරීන් අතර ද සිදුවූ සංවාදයන්ද ඇතුළත් වී තිබිණි.

ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –
මැඩම්, ධර්මපාල ඩ්ඥපඥ
මහා භාණ්ඩාගාරයේ නිලධාරිනිය –
ආ ධර්මපාල මොකක්ද ප්‍රශ්නේ?
ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –

ප්‍රශ්න නම් නෑ. අපිට අර ඕධදඤ එකේ ධ්දඤඪජචබභඥ තඥමඥත එකක් තියෙනවද?
මහා භාණ්ඩාගාර නිලධාරිනිය –
අපි 9.35 වගේ තමයි, මාර්කට් එකත් පොඩ්ඩක් බලලා දාන්නේ. අපිට ඕඪඤ ටිකත් වැඩිපුර දෙන්න. කීයක් විතර දාන්නද හිතාගෙන ඉන්නේ?
ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –
40 වගේ දැම්මොත්. කලුතර බෝධි කියලා පොඩි ඛ්භඵබධථඥප කෙනෙක් ඉන්නවා.
මහා භාණ්ඩාගාර නිලධාරිනිය –
නෑ නෑ මිස්ටර් ධර්මපාල ඔයාට ඕනෑ රේට්ස් දාන්න. මේ පාර ධ්දඤඪජචබඪධද කියලා එකක් නැහැ ඇත්තටම.
ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
ඡ්ර්ථීජ් එකේ මොනවා හරි බිල් ඇහුවා නේද? (වෙනත් කෙනකුගෙන් ඇසූ ප්‍රශ්නයකට පසු) මිස් ඡ්ර්ථීජ් ඕගොල්ලන්ගේ ඩිරෙක්ටි බිඩ් (ච්ඪපඥජබ ඕඪඤ) කරන්නේ නැද්ද?
ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
ඕධ්ච් කරනවා
ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා – කට්ටිය හෙන උඩින්නේ මේ එවන්නේ. මං බැලුවේ ඒකයි.
ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
කවුද එවලා තියෙන්නේ?

ලංකා බැංකුවේ ප්‍රධාන නිලධාරියා –
මේ අපේ කස්ටම කෙනෙක්. එකෙක් එවනවා මිලියන 500ක් 10 ඳභචපබඥප
ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
10 ඳභපචබඥප ද? හරි මිස්ටර් ධර්මපාල ඔයා දාන්න දාන විදිහකට.
ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
බිලියන 3ක් නේ. මේක වැදුණොත් එහෙම මේ මාර්කට් එක දෙයි හාමුදුරුවනේ කොහේ යයිද දන්නේ නෑ.
ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය – මොනවා කරන්නද මිස්ටර් ධර්මපාල ඕවට ඹඩචබ බධ ඤධ? ඒ බිඩ් එක දාන්න. මිස්ටර් ධර්මපාල ඊඩචබ’ඵ ධඬ
ලංකා බැංකු ප්‍රධානියා –
10 ඳභචපබඥප නම් ධඬ කියමු. 12.5…
ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
කවුද 12.5 දාලා තියෙන්නේ?
ලංකා බැංකු නිලධාරියා –
ඛ්භඵබධථඥප කෙනෙක් (සිනා) කියන්නේ නෑ මං මං එවන්නම්කෝ බඩු ටික.

ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
හරි හරි මිස්ටර් ධර්මපාල දාන්නකෝ අපි බලමු.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
හෙලෝ මැඩම් ලසන්ත
මහ බැංකු නිලධාරිනිය –
ඔව් ලසන්ත.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
විනාඩි 10ක් වැඩිපුර දෙන්න පුළුවන්ද?
මහ බැංකු නිලධාරිනිය –

විනාඩි 10ක් ද? ආ අපි දාන්නම්. දැන් වෙලාවත් එක්ක තව විනාඩි 12ක් විතර තියෙනවා. තව ඕන වෙයිද?
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම –
ඔව්. මැඩම් 11 පහුවෙලා තව විනාඩි 10ක් දෙන්න පුළුවන්ද?
මහ බැංකු නිලධාරිනිය – ආ…. හරි … හරි අපි දෙන්නම්.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
ටිකක් වැඩිපුර එකක් ඇවිත් තියෙනවා ඒකයි.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
හලෝ මිස්ටර් ධර්මපාල ට්ධධඤ ර්ධපදදඪදඨ ධ්’ථ කසුන් ඩ්ඥපඥ
ලංකා බැංකු නිලධාරී – ඩ්ඥතතධ ම්චඵභද
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
සර් මට විනාඩියක් දෙන්න පුළුවන් ද පොඩි දෙයක් අහන්න. මට මේ ඔප්ෂන් බිඩ් (ර්ණීනනබඪධද ඕඪඤ) එකක් දාගන්න පුළුවන්ද?
ලංකා බැංකු නිලධාරියා –

පුළුවන්, පුළුවන් එවන්න. ඇයි ඔයගොල්ලෝ දාන්නේ නැද්ද?
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
අපි දානවා සර්. පොඩ්ඩක් සෙට්ල් වෙන්න ලොකු ගාණක් ආවොත් එහෙම සර්ට දාලා ගන්න පුළුවන්නේ.?
ලංකා බැංකු නිලධාරියා –
හරි හරි මං කරලා දෙන්නම්. තහවුරුයි නම් දැනට අචබඥ එක මට කියන්න කෝ. මට බිඩ් එක එහෙම හදාගන්න ඕනනේ. මැනුවල් හදන්න ඕනනේ.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –

හරි මං සර්ට ටක් ගාලා ඊමේල් එකක් එවන්නද?
ලංකා බැංකු නිලධාරියා – හරි ඊමේල් එකක් දාන්නකෝ ඉක්මනට.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම – සර් සර්ලත් ලොකු ගාණක් දානවා ඇති නේද?
ලංකා බැංකු නිලධාරි –
නෑ බං ඩිරෙක්‍ෂන් එකක් නැතුව කොහේ යන්නද?
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
නෑ බං කියන්නේ මං හිතුවා සර්ලා ඔක්කොම ටික දැම්මා කියලා.

ලංකා බැංකු නිලධාරියා – අපි නෙමෙයි ඡ්ර්ථීජ් ඉන්නවනේ ඒකට. 9.35 දුන්නා කියලා තමයි කියන්නේ.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
මෑන් කතා කළානේ. ඊයේ කතා කරලා කිව්වා අවුරුදු දෙකකට පස්සේ තමයි ඔය කතා කළේ. බොන්ඩ් එක ගන්න 9.35 වගේ දෙනවා කිව්වා.
හෙට ඔප්ෂන් එකට යනවා නම් ගන්නවා කියලා කියන්න. එහෙම කළේ 2012න් පස්සේ පළමුවෙනි වතාවට.
ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –
ර්ථීතචජඥථඥදබ ර්ණීටටඥප කරපු එකද?
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –

නෑ. මං කියන්නේ කතා කරලා බොන්ඩ් ගන්න ඔප්ෂන් එකට දාන්න කියලා කිව්වා.
ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –
ඔයා එහෙනම් මට බිඩ් එක ටක් ගාලා එවනවද?
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
මං සර්ට ඊමේල් එකක් දාන්නම්.
වහ කුප්පි කතාව
මහ බැංකු නිලධාරිනිය – හෙලෝ මිස්ටර් ධර්මපාල.
ලංකා බැංකු නිලධාරියා – වහ කුප්පියකුත් එවන්න අපිට.
මහ බැංකු නිලධාරිනිය – ආ….. (සිනා)
මිස්ටර් ධර්මපාල ඒකයි මම කිව්වේ. අපි රේටින් ඉන්ඩිකේෂන් (අචබඪදඨ ධ්දඤඪජචබඪධද) දෙන්නේ නැහැ. මේකට ඕන ගාණක බිඩ් කරන්න කියලා අපි කිව්වනේ.
ලංකා බැංකු නිලධාරියා – නෑ. නෑ. අපි දකින විදිහට නම් ඒක සදාචාරාත්මක නෑ. 9.35නේ.
මහ බැංකු නිලධාරිනිය – මිස්ටර් ධර්මපාල ඔයා මාව විශ්වාස කරන එකක් නෑ. අධිපතිතුමා කෙළින්ම දෙපාර්තමේන්තුවට ආවා. ඇවිත් කිව්වා ලංසුව මේ ප්‍රමාණයෙන් තියා ගන්න කියලා.
ලංකා බැංකු නිලධාරියා – ඉතින් බලන්න. ඔයා කියන්නේ මට කතා කරගන්න බැරුව ඉන්නේ.
මහ බැංකු නිලධාරිනිය – අපි දන්නවා මිස්ටර් ධර්මපාල
ලංකා බැංකු නිලධාරියා – 9.35 අඩුම ලන්සුව අපි 12.5 එකත් එක්කනේ යන්නේ. ඒ කියන්නේ 315ට වැඩි අචදඨඥ එකක්.
බිලියන එකක් දාපු ඔෆර් එකකට ඕගොල්ලෝ බිලියන 10ක්. මොකක්ද.? දැන් අපි අනිවාර්යෙන්ම අපේ රේට්ස් එහෙම වැඩි කරනවා.
මහ බැංකු නිලධාරිනිය –
ඔව්. මේක මාර ෂෝක් එකක් මාර්කට් එකට.
ලංකා බැංකු නිලධාරියා – ඇයි එහෙම කරන්නේ ඉතින්?

මහ බැංකු නිලධාරිනිය – මිස්ටර් ධර්මපාල අපි කොච්චර කිව්වත් තීරණ ගන්නේ එයානේ.
ලංකා බැංකු නිලධාරියා – නෑ නෑ අපිට තේරෙනවා. ඒත් මොකක්ද මේකේ පිටුපස තියෙන අරමුණ.
මහ බැංකු නිලධාරිනිය – (සිනාසෙමින්) එයාගෙන් තමයි අහන්න ඕනේ. අපි මේක නැෂලයිස් කළා. ඒත් එච්චර ඇහුම්කන් දුන්නේ නෑ.
ලංකා බැංකු නිලධාරියා – අපි ඇවිල්ලා රාජ්‍ය බැංකුනේ. අපිට තියෙනවා වගකීමක්. ජනතාව ආරක්‍ෂා කරන්න. ජනතාවගේ මුදල් ආරක්‍ෂා කරන්න.
මහ බැංකු නිලධාරිනිය – මිස්ටර් ධර්මපාල. ඔයා විශ්වාස කරන එකක් නෑ. අපිවත් හිතුවේ නෑ මෙච්චර යයි කියලා. අපි මේකට වඩා අඩුවෙන් තමයි ෆික්ස් කරලා තිබුණේ. එයා ආවා දෙපාර්තමේන්තුවට මොනවද මේ කරන්නේ? බිඩ් එක මේ ගාණට තියන්න කිව්වා. එයාට ඕන වුණේ ඒ සියලුම ලංසු අපිට ගන්නයි. මං කිව්වා සර් ඔහොම කරන්න එපා. එතකොට ඔක්කොම යයි. ඒත් අපි මොකද කරන්නේ?
ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
අපේ මුළු බැංකුවම අඥචතතර ඉඩධඬ. මාර්කට් එකම ෂොක්. මට මෙහෙම කටකතාවක් ආවා. ඊයේ මහ බැංකුවේ එක්කෙනෙක් ආවා මෙතැනට. එයා ඇවිත් මෙතැනට එයාට ඕන වුණේ. 750,000ක් ආයෝජනය කරන්න. එයාට වුවමනා වුණා ඒ බැඳුම්කර ගන්න. මං කිව්වා 750,000ක් දෙන්නේ නැහැ කියලා.
මිලියන 5ක් වෙන්න ඕනෑ. සර් මෙහෙම කරන්න අපි බිඩ් එකක් දාන්නම්. වන් මිලියන් වගේ ඔයාට අරන් දෙන්න පුළුවන් කියලා. එයා කිව්වා නැහැ නැහැ කූපන් රේට් එක 12.5නේ. කුපන් රේට් එකට උඩින් ඔය බොන්ඩ් එක දානවා හෙට සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් කියලා.
මහ බැංකු නිලධාරිනිය –
නෑ.

ලංකා බැංකු නිලධාරියා –
ඔව්. එයා එහෙම කිව්වනේ අපිට. මං කිව්වා මේ පිස්සෙක් වෙන්න ඇති යන්න කියන්න අපි ආවොත් අරන් දෙන්නම් කියන්න කියලා. ඒක හරි වුණා නේද? ඇත්තටම මේ ජොබ් එක දාලා යන්න හිතලා තියෙන්නේ.
මහ බැංකු නිලධාරිනිය –

ඔයා දන්නේ නෑ. මිස්ටර් ධර්මපාල, අපි කොච්චර පැහැදිලි කරන්න හැදුවද? මේක බෑ. අරක බෑ… එයාට කියලා. ඔයයි මායි අතරේ විතරයි මිස්ටර් ධර්මපාල. කාටවත් කියන්න. එපා. එයා ඉන්නේ අර ඉන්ටර්නැෂනල් අවබෝධයකින්. ජාත්‍යන්තර වෙළෙඳ අදහස්නේ. ඒකනේ මිස්ටර් ධර්මපාල. එයාට අපේ වෙළෙඳපොළ ගැන අදහසක් නෑ. අපි දන්නවනේ මෙහෙම දුන්නම මොකද වෙන්නේ කියලා.

ලංකා බැංකු නිලධාරියා –
සර්
ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
අද වැදුනා නේද හොඳම බොන්ඩ් එකෙන්.
ලංකා බැංකු නිලධාරියා –

වැදුණා කියන්නේ අපි පොඩ්ඩයි දැම්මේ. ඒ වුණාට ඉතින් අචබඥඵ උඩ ගිහිල්ලනේ.
සර් මේක නම් විනාශයක්.
ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
ඔව්. මං දැන් ච්ප. සමරතුංගටයි දෙන්නටම කිව්වා. රජයේ බැංකු ඕගොල්ලන් උදවු කරනවා. හැමවෙලේම ඕගොල්ලො….
ලංකා බැංකු නිලධාරියා –
සර් විශ්වාස කරන්න මට කතා කරගන්න බෑ. ඒ කියන්නේ කළුතර බෝධි එක කියන්නේ අපේ හොඳ ඛ්භඵබධථඥප නේ. ගිය සැරෙත් සර් ඔය බොන්ඩ් එක දීලා තිබුණා. මේ අය ඉබචබඥථඥදබ එකක් විදිහට 9.35 මෙහෙමයි 9.25 විතර වගේ තියලා අපි දාමු කියලා මං කිව්වා. මිලියන 8ක් වගේ තමයි දැම්මේ. කළුතර බෝධි. ඉතිං 9.35 බිඩ්. එක මං දැම්මා. ඊට පස්සේ පර්පචුවල් එකෙන් ආවා බිඩ්. ආවේ 12.50, 12.75, 13 වගේ. මං කිව්වා මල්ලි මේවා නම් වදින්නේ නෑ නිකම් දාලා වැඩක් නෑ කියලා. හරියට සර් පොඩි ඒවා නෙමේ. 12.5 බිලියන 3කට. ඊට යටින් තිබුණ ඔක්කෝම අරගෙන. මං සෙන්ට්‍රල් බෑන්ක් කතා කරලා කිව්වා මොකක්ද මේ කරපු වැඩේ කියලා. වහ බෝතලයක් එවන්න කියලා.
ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
මං කිව්වා ඕගොල්ලන්ට උදවු කරන්නේ රජයේ බැංකු, පහර වදින්නෙත් රජයේ බැංකුවලට කියලා.
ලංකා බැංකු නිලධාරියා –

ඉතින් අරගොල්ලෝ කියනවා අධිපතිතුමා කිව්වලු තියන ඔක්කොම බිඩ්ස් ගන්න කිව්වා කියලා. 12.5 විතරක් නෙමේ. ඊට උඩ තියෙන ඔක්කෝම බිඩ්ස් ගන්න කිව්වලු. පස්සේ කන්වෙන්ස් කරන්නම බැරි වුණාලු.
ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
ඊට පස්සේ අපි අපේ අචබඥඵ වලට ගැහුවම ඉවරයි.
ලංකා බැංකු නිලධාරියා –
ඔව් සර්. මං කතා කළෙත් ඒක තමයි. ලබන සැරේ ගහන කොට 10% විතර ගහමු. ඔක්කොම කතා කරලා ගැහුවම ඉවරයි.
ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –

ඔව්. ධර්මේ. අනිත් එක තමයි බිලියන 5ක් මාස 3කට මෙහා දෙන්න බෑ නේද?
ලංකා බැංකු නිලධාරියා –
3 ථධදබඩඵ වලට බලන්න ඕනා. අද ර්ණීමඥප දඪඨඩබ ර්ණීනනබඪධද වලටත් 6.9 ලැබුණා. ර්ණීමඥප දඪඨඩබ ර්ථීධඵඵඪබඪධද එක ඩොලර් 10ක් වගේ තියෙන්නේ. අපි ච්චඪතර ඉභනනධපබ කරන්නම්.

[rns_reactions]