බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ අවුරුදු එකොලොස් වයසැති පාසල් දරියක් ගැබිනියක් කල පහලොස් හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට ගත් බව පින්නවල පොලිසිය පවසයි.
එම එකොලොස් හැවිරිදි දැරියට ක්ලාන්තය සහ වමනය හට ගැනිම හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි වෛද්‍ය පරික්ෂණ අනුව ඇය ගැබිණියක් බවට වෛද්‍ය වරැ හදුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
එම දැරිය බලන්ගොඩ පින්නවල මාරතැන්න නොමිබර් දෙක කොටසේ පදිංචි පාසල් දැරියක් වන අතර අදාල සැකකාර පාසල් සිසුවාද පින්නවල මාරතැන්න නොමිබර් දෙක කොටසේ පදිංචි කරැවෙක් බව පොලිසිය පවසයි. අදාල පාසල් සිසුවා විසින් බාප්පාගේ දුව මෙලෙස ගැබිණියක් කර තිබෙි.
පින්නවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.පිි.අමරතුංග මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක ඒ.එම්.මයුර සිංහ යන නිළධාරීයා විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.