2020 ජනපති රනිල් වික්‍රමසිංහ මහතායි… මහින්ද ගෝඨව බැසිල්ව චමල්ව කපලා නාමල් ගේන්න හැදුවට වැඩක් වෙන්නෙ නෑ…

Spread the love

2020 වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පෙරේදා (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

එහිදී , “දැන් කෝ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂේ? මට සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා කියනවා බලන්න සුජීව අර නරි රැලක් දාගෙන මහින්ද රාජපක්ෂ පිස්සු කෙලිනවා කියලා අපිට කියනවා. අද විශාල ප්‍රශ්නයක් ඒ පක්ෂේ ඇතුළේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ එකම ප්‍රාර්ථනය නාමල් රාජපක්ෂ මහත්තයාව විපක්ෂ නායක කරන එක.අවුරුදු 30ක් විපක්ෂේ ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ප්ලෑන හදන්නේ. ගෝඨාවත් කපනවා, බැසිල්වත් කපනවා,චමල්වත් කපනවා. දැන් ගේම පටන් අරන් පවුල ඇතුළේ. කලින් සෙට් එක එකට ගැහැවුවා. දැන් ඒවා නැහැ.”

“දැන් හිතා ගන්නකො කොහොමද අපේ අරික්කාල දැන් ඉන්නේ කොහොමද භාගේ, කාල වීගෙන දැන් හැදීගෙන ඉන්නේ. මේක විනාශ වුණ පක්ෂයක්. ගහලා බිම වැටුණු පක්ෂයක් දැන් හැදීගෙන එන්නේ. අලියා කෙලින් වෙලා දැන් කන් සොලෝගෙන එනවා ඉස්සරහට.

සියයට 4.2 දැන් අපේ සංවර්ධනය. අපි 2020 වෙනකොට සියයට 7 අපි පහු කරනවා ඉන්දියාවට වැඩිය සංවර්ධනයක් අපි වේගයක් ලගා කර ගන්නවා ලංකාවේ ඉදිරි අනාගතයේ. ඒක නවත්තන්න බැහැ කාටවත්. ඒවා කරනකොට 2020 ජනාධිපති කවුද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා ඉතා ආදරයෙන් මතක් කරනවා.” යැයිද එතුමා වැඩිදුරටත් පැවසීය.