2020 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

2020 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි
Spread the love

2020 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක්‍ර ලේඛය සහ අයඳුම් පත්‍රය අද(27) නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියේ පල කිරීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව පුවත් පත් දැන්වීම් හරහාද අදාළ චක්‍රලේඛය සහ අයඳුම්පත්‍රය පළ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.