2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා වර්ධනය වෙයි

2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා වර්ධනය වෙයි
Spread the love

2025 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ස්ථාවර ප්‍රගතියක් දැක්විය හැකි ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස වාර්තා වී ඇති අතර එය  2024 දී එම කාලසීමාවට සාපේක්ෂව 6.9%ක වර්ධනයකි. මෙම ඉහළ යාම වර්ධනය වන ගෝලීය වෙළඳ පරිසරයට අප අනුකූල වීමේ හැකියාවත් පිළිබිඹු කරයි.

2025 අප්‍රේල් මාසයේදී පමණක් භාණ්ඩ සහ සේවා අපනයන මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,292.63ක් ලෙස සටහන්වී ඇත. මෙය 2024 අප්‍රේල් මාසයට සාපේක්ෂව 8.74%ක වාර්ෂික වර්ධනයකි.

අපනයන කාර්ය සාධනය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසූවේ:”මෙම ශක්තිමත් වර්ධනය මගින් පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාව ගෝලීය වෙළඳ ජාලයට වඩාත් සමීපව එකතුවෙමින් ඇති ආකාරයත්, අපනයන තරඟකාරීත්වය වර්ධනය කරමින් වෙළඳ ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අප ගත් දිගුකාලීන උත්සාහයන්ගේ සාර්ථකත්වයත් බවයි. අප අපනයකරුවන් ඔවුන්ගේ හැකියාව හා දැනුම භාවිතයෙන් ගෝලීය වෙළඳ පරිසරයේ වෙනස්කම්වලට හැඩගැසීමට හැකි බව  ද පෙන්වා දී ඇත.”

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තාවකාලික දත්ත අනුව, 2025 අප්‍රේල් මාසය තුළ පමණක් භාණ්ඩ අපනයනය වාර්ෂිකව 12.05%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 983.33ක් දක්වා ළඟා වී ඇත. මෙයට මැණික් සහ ස්වර්ණාභරණ සහ පෙට්‍රොලියම් නිෂ්පාදන සඳහා වූ දත්තද ඇතුළත් වේ. 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාවේ භාණ්ඩ අපනයන මුළුමනින්ම ඇමරිකානු ඩොලර් මිලියන 4,334.22ක් වන අතර, එය 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 6.86%ක වර්ධනයකි.

සේවා අපනයන අංශය මුළු අපනයන වර්ධනයට වැදගත් දායකත්වයක් ලබාදී තිබේ. 2025 අප්‍රේල් මාසයේදී සේවා අපනයන ආදායම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 309.3ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. වසරේ පළමු මාස හතර තුළ සේවා අපනයන ආදායම 7.06%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,189.63ක් දක්වා ළඟා වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වෙමින් පවතින ආකාරයත්, ජාතික අපනයන ආදායමට එය කරන දායකත්වයත් පැහැදිලිව පෙන්වයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), ව්‍යාපාර ක්‍රියාවලිය කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම් (Transport & Logistics) යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය ශ්‍රී ලංකාවේ අපනයන ව්‍යාප්තිය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කරනු ලබයි.

වගුව 1: අංශය අනුව අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම ( we’ fvd’ මි )

භාණ්ඩ සහ සේවා අපනයනය ජන–   අප්‍රේල්

2024

ජන–   අප්‍රේල්

2025

% වර්ධනය

(24-25)

අප්‍රේල් 2024 අප්‍රේල් 2025 % වර්ධනය

(24-25)

ඇඟලුම් සහ රෙදිපිළි 1,566.39 1,747.91 11.59 321.06 364.47 13.52
තේ 450.23 478.29 6.23 95.46 107.34 12.45
රබර්  ආශ්‍රිත නිෂ්පාදන 335.00 312.43 -6.74 66.58 61.15 -8.16
පොල් ආශ්‍රිත නිෂ්පාදන 264.40 331.30 25.30 60.76 73.85 21.54
දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ 142.70 120.13 -15.82 29.76 27.91 -6.19
ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක 137.93 129.26 -6.29 30.78 30.75 -0.10
කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන 87.48 142.98 63.44 18.03 23.95 32.83
සැකසූ ආහාර පාන වර්ග 158.72 181.98 14.65 32.35 43.52 34.53
මුහුදු ආහාර 90.68 74.96 -17.34 26.79 26.70 -0.34
විසිතුරු මසුන් 8.52 7.16 -15.96 2.77 3.11 12.27
එළවළු 9.68 10.12 4.55 3.59 4.63 28.97
පළතුරු 13.25 13.94 5.21 3.25 4.89 50.46
වෙනත් අපනයන බෝග 23.28 20.05 -13.87 5.35 7.39 38.13
මල් සහ ශාක පත්‍ර 4.94 4.70 -4.86 1.69 1.75 3.55
බෝට්ටු නිෂ්පාදන 11.06 20.73 87.43 0.10 15.05 14950.00
ඛනිජ තෙල් නිෂ්පාදන 369.75 342.10 -7.48 90.58 83.09 -8.27
වෙනත් 382.05 396.19 3.70 88.68 103.78 17.03
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 4,056.06 4,334.22 6.86 877.58 983.33 12.05
තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය 469.65 492.71 4.91 151.47 144.04 -4.91
ඉදිකිරීම් 80.20 42.08 -47.53 19.84 15.71 -20.79
මූල්‍යමය සේවා 23.81 6.12 -74.30 8.76 1.89 -78.40
ප්‍රවාහන සහ කාර්යෝපාය සේවා 537.51 648.71 20.69 131.06 147.65 12.66
සම්පූර්ණ සේවා අපනයන 1,111.17 1,189.63 7.06 311.14 309.30 -0.59
මුළු අපනයන 5,167.23 5,523.85 6.90 1,188.72 1,292.63 8.74

 

වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 15 හි වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

රට ජන-අප්‍රේල් 2024 ජන-අප්‍රේල් 2025 % වර්ධනය

(24-25)

අප්‍රේල්

2024

අප්‍රේල්

2025

% වර්ධනය

(24-25)

1 එක්සත් ජනපදය 894.94 965.97 7.94 183.37 190.38 3.82
2 ඉන්දියාව 239.39 334.40 39.69 56.93 77.76 36.59
3 එක්සත් රාජධානිය 305.16 323.91 6.14 66.14 73.57 11.23
4 ඉතාලිය 198.59 205.72 3.59 40.77 52.92 29.80
5 ජර්මනිය 205.01 227.44 10.94 41.07 45.91 11.78
6 එක්සත් අරාබි එමීර් රාජ්‍යය 114.74 102.89 -10.33 22.27 20.78 -6.69
7 නෙදර්ලන්තය 114.08 142.50 24.91 26.26 29.30 11.58
8 ප්‍රංශය 84.94 84.81 -0.15 24.32 19.67 -19.12
9 කැනඩාව 103.57 101.13 -2.36 19.31 23.17 19.99
10 චීනය 83.10 88.78 6.84 21.24 19.66 -7.44
11 ඕස්ට්‍රේලියාව 78.35 80.44 2.67 17.40 16.25 -6.61
12 බෙල්ජියම 72.06 77.19 7.12 16.64 18.00 8.17
13 තුර්කිය 42.40 35.97 -15.17 9.48 7.13 -24.79
14 ජපානය 56.83 58.21 2.43 12.57 14.12 12.33
15 ස්විට්සර්ලන්තය 55.58 65.41 17.69 12.45 21.83 75.34
  වෙනත් වෙළඳපොළ 1407.32 1439.45 2.28 307.36 352.88 14.81
එකතුව 4,056.06 4,334.22 6.86 877.58 983.33 12.05

වගුව 3: කලාපය අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

කලාපය ජන-අප්‍රේල්

2024

ජන-අප්‍රේල්

2025

% වර්ධනය

(24-25)

අප්‍රේල්

2024

අප්‍රේල්

2025

% වර්ධනය

(24-25)

උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම

(NAFTA)

 

1,057.98 1,118.71 5.74 213.95 222.92 4.19
යුරෝපා සංගමය (EU) එක්සත් රාජධානිය හැර 864.96 949.51 9.78 193.50 214.50 10.85
දකුණු ආසියාව 366.91 441.22 20.25 86.00 104.24 21.21
මැද පෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තුව හැර) 329.00 334.21 1.58 60.39 74.64 23.60
අප්‍රිකානු රටවල් 93.85 124.86 33.04 28.52 32.80 15.01
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) 109.98 113.65 3.34 23.50 24.78 5.45
CIS කලාපීය රටවල් 87.47 86.45 -1.17 22.20 16.07 -27.61
වෙනත් 1,145.91 1,165.61 1.72 249.52 293.38 17.58
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 3,178.48 3,325.09 4.61 1,148.48 1,215.90 5.87

ප්‍ර‍තිපත්ති සහ උපායමාර්ගික සැලසුම් අංශය – ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

Leave a reply

  • Default Comments (0)
  • Facebook Comments