25 වැනිදායි පසු ‘සංචරණ සීමා පැනවීම’ අවසන් තීරණය සෞඛ්‍ය අංශවල වාර්තාවලින් පසු

25 වැනිදායි පසු ‘සංචරණ සීමා පැනවීම’ අවසන් තීරණය සෞඛ්‍ය අංශවල වාර්තාවලින් පසු
Spread the love

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ (21) රාත්‍රී 11.00 සිට ලබන අගහරුවාදා ‍අළුයම 04.00 දක්වා පනවා ඇති සංචාර සීමා මැයි මස 25 දායින් පසුව දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (22) පෙරවරුවේ දී පැවසීය..

‘‘ අපි මේ තීරණය ගන්නේ සෞඛ්‍ය අංශ වල වාර්තා ද අධ්‍යයනය කිරීමෙන් පසුවයි. ඒ අනුව මෙම සංසරණ සීමා දීර්ඝ කරනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා‘ යැයි යුධ හමුදාපතිවරයා කීවේය.

සති දෙකක් රට සම්පූර්ණයෙන් වසා දමන ලෙස ඊයේ (21) ප්‍රමුඛ සෞඛ්‍ය වෘත්තීය සමිති 4ක් ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රජයෙන් ඉල්ලා සිටියේය.