Spread the love

සීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා අවදානම හේතුවෙන් තවත් නගර 21 ක කඩ සාප්පු වසා දැමීමට එම නගරවල වෙළෙඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර තිබෙනවා.

සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු නතර කරනු ලැබුව ද වසා දමන නගරවල ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් සදහන් කරනවා.

අද දින මෙසේ වසා දමන ලද නගර වන්නේ, වරකාපොළ, වාරියපොල, දූනගහ, කුලියාපිටිය, කඹුරුපිටිය, ඌරුබොක්ක, පාදුක්ක, ඇහැළියගොඩ,  මැදගම, හංහමුණුව, කිලිනොච්චිය, තිස්සමහාරාමය, වීරවිල, පන්නේගමුව, යෝධකණ්ඩිය, දෙල්ගොඩ, හික්කඩුව, හබරාදූව, බඩල්කුඹුර, ගාල්ල උඩුගම, හසලක යන නගරයි.

මේ සමග දිවයින පුරා ස්වේච්ඡාවෙන් වසා දමන ලද නගර සංඛ්‍යාව 79ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා