Covid-19 Local hot: මරණ ගණන ඉලක්කම් තුනක් වෙයි

මෙරට වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද (11) වසංගත රෝග විද්‍යා අංශය විසින් ප්‍රකාශයට පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. මෙසේ මියගොස් ඇති පිරිස 101ක් බවයි එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ.…
සංචරණ සීමා ඉවත් කිරීම: ‘යුද හමුදාපති‘ අවසන් තීන්දුව දෙයි

කොවිඩ්- 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා සඳුදා අලුයම 4.00ට ඉවත් කරන බවත් වෛද්‍ය විශේෂඥයන් සහ අදාළ අංශවල නිලධාරින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවත් යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.…
ලංකාවේ කොවිඩ් වසංගතය ගැන සුභවාදී බලාපොරොත්තුවක්

ඉදිරි මාස කීපයේදී මෙරටින් ආසාදිතයන් හමුවීම සහ කොවිඩ් මරණ අඩුවේ යැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. කොවිඩ් වසංගත ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සහ නව…
Covid-19: ආසාදිත හා මරණ ප්‍රතිශතය හමුවේ ඉන්දියාව ලංකාවට දෙවැනි වෙයි – GMOA

වසංගත රෝග විද්‍යා අංශයට දිනකදී සිදුවන මරණ සංඛ්‍යාවවත් නිවැරදිව වාර්තා කිරීමට නොහැකි වී ඇති බවත්, එය තීන්දු තීරණ ගන්නේ පරණ වාර්තා අනුවවීමෙන් රට අගාධයකට යමින් තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති, වෛද්‍ය නවීන් සොයිසා මහතා සඳහන් කළේය. කොවිඩ්…
‘මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ් ආසාදිත මරණය‘ තහවුරු කරයි

මෙරටින් වාර්තා වූ ලාබාලතම කොවිඩ්-19 මරණය අද (10) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ දින අටක බිළඳකු බවයි එම වාර්තාව කියන්නේ. මෙම බිළිඳ මරණයට පත්ව ඇත්තේ ඉකුත් මැයි මස 27 වැනිදායි.
කොවිඩ්-19 එන්නත්කරණය සම්බන්ධයෙන් ‘ජනපතිගෙන් සුපිරි තීන්දු රැසක්‘

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර තිබේ. ශ්‍රී ලංකාව…
X-Press Pearl: ව්‍යසනය ගැන අලුත්ම තත්ත්වය කුමක් ද ?

X-Press Pearl නෞකාව විනාශයට පත්වීම සමග ඇති වු පරිසර අර්බුදය මේ වන විට ආර්ථික හා සමාජ අර්බුදයක් දක්වාත් මෙරට රාජ්‍ය පරිපාලනයේ අසමත්භාවය මනාව කියාපාන කැඩපතක් බවටත් පත්ව තිබෙනවා. ඒ අතර බී.බී.සී වැනි ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද ලංකාවේ සාම්ප්‍රදායික පුවත්පත්, රූපවාහිනි…
GMOA ලිපියෙන් ‘කොළඹ එන්නත්කරණයට අවුලක්’

කොවිඩ්-19 එන්නත්කරණ රාජකාරීවලින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඉවත්වීමට තීරණය කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියයි. හදිසියේ මෙවැනි තීරණයක් ගැනීමට හේතු පැහැදිලි කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සමෘද්ධි…
Covid-19 Today hot: මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම කොවිඩ්-19 ආසාදිත මරණ පිළිබද දෛනික වාර්තාව ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම වාර්තාව අනුව පසුගිය මැයි මස 17 වැනි දින සිට ජූනි මස 08 වැනි දින දක්වා කොවිඩ් ආසාදිත මරණ 67ක්…
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ‘පය බරවාට බෙහෙත් බදින පන්නයේ‘ ගැසට් පත්‍රයක්

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ මහදැන මුත්තා හා ගෝලයෝ රොත්තගෙන් පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක් ඊයේ (09) දින නිකුත් කොට ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් අද (10) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් චෝදනා…
ජනාධිපතිවරයාට වෙන්නෙත් ඉඳුරුවේ ආචාරියාට වූ දේමයි – චම්පික

අද(09) මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය පාඨළී චම්පික රණවක විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ගය ඉතාම අවිචාරවත් ක්‍රියාදාමයක් බව ප්‍රකාශ කරන ලදී. මෙහිදී ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ කිසිසේත් ප්‍රායෝගික නොවන තර්කනයන් මත හදිසියේ රසායනික පොහොර…
‘කාබනික පොහොර ගැන‘ කෘෂිකර්ම ඇමතිගෙන් සහතිකයක්

පරිසර හිතකාමි කාබනික පොහොර භාවිතයෙන් වසවිස නැති රටක් ගොඩනැගිමේ අසීරු කාර්යය කුමන අභියෝගය පැමිණිය ද ජයගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද (09) කෘෂිකර්ම අමාත්‍යාංයේ දී විශේෂ මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා ඉදිරියේදි කාබනික පොහොර බෙදා දීම හා ගැටළු විසදිම…
සජිත්ගේ අනාගතය ගැන ‘චම්පිකගෙන් සුපිරි අනැවැකියක්‘

2019 ජනාධිපතිවරණයේදී අවස්ථානුකූලව තිබූ හොඳම විකල්පය ලෙස සජිත් ප්‍රේමදාස මහතා වුවත් සමගි ජන බලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී…
මහත්මා දේශපාලනඥයෙකු වූ ‘බුද්ධික කුරුකුලරත්න‘  සමුගනී

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම, ලේක් හවුස් ආයතනයේ හිටපු මාධ්‍යවේදියෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට  එතුමා 77 වැනි වියේ පසු විය. නීති වෘත්තිකයෙකු වූ හෙතෙම 1989 වසරේ සිට 1994 වසර දක්වා එක්සත් ජාතික පක්ෂය නියෝජනය…
විශ්‍රාම ගිය හෙද හෙදියන්  නැවත සේවයට

විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය. හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත්…
ඉහළ අධිකරණවල පුරප්පාඩු රැසක් පුරවයි

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෘ…