වහාම ක්රියාත්මකවන පරිදි ගවයන් ප්රවාහනය කිරීම සඳහා බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අදාළ බලධාරීන්ට ඊයේ (27 වැනිදා) නියෝග කර ඇත.
ඒ අනුව ගවයන් ප්රවාහනය පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තෙක් ඒ සඳහා බලපත්ර නිකුත් කිරීම ජනාධිපතිවරයා විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබ ඇත.
නීති විරෝධී අන්දමින් ගවයන් ප්රවාහනය කිරීමේදී නොයෙක් අනතුරු හා ජීවිත හානි සිදුවීමත්, අනුරාධපුරයේදී පෙරේදා (26 වැනිදා) සිදු වූ මාරක අනතුරත් ජනාධිපතිවරයාගේ මෙම තීරණයට ආසන්නතම හේතුව වී තිබේ.
ගවයන් ප්රවාහනය කිරීම සඳහා බලපත්ර නිකුත් කිරීම දැනට සිදු කරනු ලබන්නේ ප්රාදේශීය ලේකම්වරයාගේ මාර්ගයෙනි.

