සයිටම් ආයතනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ඉකුත්දා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කළා.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ දින 10 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා එම කමිටුවට දැනුම් දී තිබුණේ.
එම වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයා වෙත භාරදී ඇති අතර ඊට අනුව සයිටම් ආයතනය භාරකාර මණ්ඩලයක් යටතේ ඇති අධ්‍යාපන ආයතනයක් වෙත පැවරීමට යෝජනා කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උසස් අධ්‍යාපන අමාත්‍ය ලකෂ්මන් කිරිඇල්ල, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් ඉකුත් 23 වනදා විශේෂ සාකච්ඡාවකද නිරත වී ඇති බවයි අපට වෙත වාර්තා වුණේ.
සයිටම් ආයතනය පිළිබඳ රජයේ අවසන් තීරණය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර කියා සිටියා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

