මුහුණු පොතින් මිතුරු වූ ධීවර අනංගයා පාසල් සිසුවියට අන්තිමට කරපු දේ.

Spread the love

තම ෆේස්බුක් ගිණුමට ලැබුණු මිතුරු ඇරයුමක් පිළිගැනීම නිසා අවසානයේ විශාල ගැටළු තොගයකට මුහුණ දීමට සිදු වූ පුවතක් මීගම, දියහොර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‌‌‌‌‌ඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට බාහිර අයදුම්කරුවෙකු ලෙස පෙනී සිටීමට නියමිතව සිටින ඇය පසුගියදා මුහුණුපොතේ සැරිසරමින් සිටින විට නාඳුනන පුද්ගලයෙකු විසින් එවන ලද මිතුරු ඇරයුමක් දැක තිබෙනවා. එයට යහපත් ප්‍රතිචාරක් දැක්වූ මෙම තරුණිය  පසුව දිගින් දිගටම අදාල පුද්ගලයා සමඟ අදහස් හුවමාරුකරගෙන තිබෙනවා.

නමුත් මෙම පුද්ගලයා විවාහක අයෙකු බවත් මෙම තරුණියගේ ගමේම ජීවත්වෙන අයෙකු බවත් කිසි දිනක පවසා තිබුනේ නැහැ. නමුත් පසුව ඇය ඒ පිළිබඳ දැන ගැනීමත් සමඟ ඔහුගෙන් ලැබෙන සියලු පණිවිඩ අවහිර කරන්නට කටයුතු කර තිබෙනවා.

පසුව තමන් සමඟ දැඩි හිතවත් කමකින් සිටි මෙම තරුණිය ගත් ක්‍රියා මාර්ගය නිසා උරණ වූ මෙම තරුණයා ඇයගෙන් පළි ගැනීමට ඇයගේ ගිණුමේ තිබුණු ඡායාරුපයක් අසභ්‍ය වදන් සමඟ අන්තර්ජාලයට එකතු කර තිබුණා.

ඇයගේ ඡායාරුපයක් අසභ්‍ය වදන් සමඟ අන්තර්ජාලයේ තිබෙන බව ඇයගේ මිතුරියක් විසින් පැවසීමත් සමඟ ඇය දැඩිසේ අපහසුතාවයට පත්වෙනවා.  පසුව දෙමාපියන් සමඟ වැලිපැන්න පොලිසියට ගොස් මේ පිළිබඳ පැමිණිලි කිරීමත් සමඟ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු මීගම, දියහොර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‌‌‌‌‌ඩුව ප්‍රදේශයේ පදිංචි ධීවර වෘත්තියේ යෙදෙන 24 හැවිරිදි විවාහක තරුණයෙක්.

 

[rns_reactions]