වසර අටකට පසු පාකිස්තානයට නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරවමින් පාකිස්තානයේ ලාහෝර් ගඩාෆී අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කරනවා. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රධාන ටෙස්ට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කරන පළමු අවස්තාව ලෙස මේ අවස්ථාව සටහන් වෙනවා.
එලෙස පාකිස්තානයේ සංචාරය කරනා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළ පිළිගැනීමක් ලබා දීමට පාකිස්තාන බලධාරීන් ක්‍රීයා කර තිබුනා. එහිදි ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම් එක්කරමින් විදී දෙපස විශාල පුවරු සවිකර තිබුනා,
එම ඡායාරූප පහතින්