ආන්දෝලනාත්මක සුමන්තිරන් ඝාතන කුමන්ත්‍රණ නඩුවේ අද වෙච්ච දේ මෙන්න..

Spread the love

මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්  ඝාතනයට තැත් කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන්  යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර  එම  නඩුව අද(13) කැඳවූ අවස්ථාවේදී ඔවුන් ලබන 22 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් නියෝග කළ බව අප  වාර්තාකරු පවසයි.

සිද්ධියට සම්බන්ධ කන්නන් හෙවත් අනොජන් නමැති තවත් සැකරුවෙකු සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ නීති පාර්ශවය විසින් මහේස්ත්‍රාත්වරයා දැනුම්වත් කර ඇති බවත් සඳහන්. මේ අතර  ඔස්ට්‍රේලියාවේ පදිංචි බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඔහු  අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට ත්‍රස්ත මර්දන පොලීසිය විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙන අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය විසින් සිදු කළ ඉල්ලීමට  කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා විසින් අවසර ලබා දුන් බව අප  වාර්තාකරු කියා සිටි.

එමෙන්ම මෙම සැකකරුවන් දැනට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔවුන් වව්නියාව බන්ධනාගාරය වෙත මාරු කර යවන ලෙස සැකකරුවන්ගේ පාර්ශවයේ නීතීඥවරයා විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙන අතර  එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් ඔවුන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා ප්‍රශ්න කිරීම් සිදුකිරීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.