” පාර්ලීමේන්තුවට බෝම්බ ගහන්න ඕන ” කතාවෙන් විමල්ට එරෙහිව සටනට ඒකාබද්ධයත් එක් වෙලා .!

Spread the love

විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් රචනා කළ යදමින් බැදි අක්ෂර ග්‍රන්ථය ජනගතකිරීමේ උත්සවය පසුගිය සතියේදී පැවැත්වුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය. 
එහිදි විමල් මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයකට ලක්වූ අතර ” පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට” ප්‍රකාශයක් මන්ත්‍රීවරයා විසින් සිදු කළේ එහිදීය.

මන්ත්‍රීවරයාගේ මේ කතාවෙන් පසුව කථානායක කරු ජයසූරියට දුරකතන ඇමැතුම් රැසක් ලැබෙන්නට විය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද දුරකතන ඇමතුම් ලබාදුන් අතර විමල්ගේ ප්‍රකාශය පිළිබදව ඔවුන් සිටියේ කණස්සල්ලෙනි.

“මේ ප්‍රකාශය සුළුවෙන් තකන්න එපා. මේක අපි අනුමත කරන්නෙත් නෑ” ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම කතානායකවරයාට කියා තිබුණි.
“මම මේ ගැන පාර්ලිමේන්තුව රැස්වෙන පළමු දිනයේදීම ප්‍රකාශයක් කරනවා” යනුවෙන් එම පිරිසට කතානායකවරයා පිළිතුරු දී තිබුනා.

[rns_reactions]