නායකත්වය විවේචනය කළ රංජන්ව දිවුලපිටියෙන් ඉවතට…! දිවුලපිටියේ වාසිය ගෙඩිපිටින් ඉන්දික අනුරුද්ධට!

Spread the love

අමාත්‍ය රංජන් රාමනායක මහතා දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකදූරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වනවා.

පසුගිය සමය පුරා එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ දූෂණ වලට සම්බන්ධ බවට චෝදනා ලැබූ එජාප මන්ත්‍රීවරු පිළිබඳව දැඩි විවේචනාත්මක ස්වරූපයෙන් යුතුව රංජන් රාමනායක මහතා විසින් අදහස් පළකරනු ලැබුවා. යහපාලනය වෙනුවෙන් කැපවූ එකම එජාප අමාත්‍යවරයා ලෙස ජනතාව හැදින්වූයේද රංජන් රාමනායකයි.

මෙම ඉවත්කිරීමත් සමඟ දිවුලපිටිය ආසනය ජග්‍රහණය කිරීමට එජාපයට තිබූ හැකියාව සම්පූණයෙන්ම අහිමි වී යන අතර එහි පූර්ණ බලය පොදුජන පෙරමුණු සංවිධායක ඉන්දික අනුරුද්ධට හිමිවනු ඇත.

අනවසර පස් කැපීම සහ කප්පම් ගැනීම වැනි විශමාචාර හේතුවෙන් පසුගිය සමයේදී ඉන්දික අනුරුද්ධට එරෙහිව රංජන් රාමනායක මහතා ප්‍රදේශයේ ජනතා සහයෝගයද සහිතව විශාල විරෝධයක් ගොඩනැංවීමට සමත්වූ අතර මෙම ඉවත්කිරීම නිසා ඉන්දික අනුරුද්ධ දැඩි ලෙස සතුටට පත්ව ඇති බවටද වාර්තා වනවා.

[rns_reactions]