අධික ලාභය ජනතාවට හිමිකරදෙමින් පෙට්‍රල් හා ඩීසල් මිල අද හෙටම අඩුවන ලකුණු..!

Spread the love

ඉදිරි දින කිහිපයේදී  තෙල් මිල අඩු කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

පසුගිය මාස කිහිපයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති ප්‍රගතිය සහ අයවැය ඉලක්ක කර මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ. 

ඊයේ (31දා) ඛනිජතෙල්  අමාත්‍යාංශයේදී තොග සමාලෝචන කමිටුව රැස්වී ඇති අතර, එහිදීද මේ බව සාකච්ඡා වී තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය අගෝස්තු මාසයේදී රුපියල් මිලියන 7,729ක්ද, සැප්තැම්බර් මාසයේදී රුපියල් මිලියන 9,630ක්ද වූ බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අණාවරණය  විය.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඩීසල් සහ පෙට්‍රල් මිල සැලකිය යුතු මට්ටමින් අඩු කිරීමට තීරණය වී ඇති බව වාර්තාවෙයි.

[rns_reactions]