සියළු චෝදනා වලට පිළිතුරු දෙමින් අද සිට නව මැතිවරණ ක්‍රමයට ඉඩ…

Spread the love
දිනෙන් දිනම කල්යමින් ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද (01) අත්සන් තබනවා.

ඒ අනුව නව මැතිවරණ ක‍්‍රමය යටතේ ඉදිරියේදී මැතිවරණය පැවැත්වීමට පහසුකම් සැලසෙනු ඇති.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි සඳහන් කළේ අදාළ ගැසට් නිවේදනය අද දිනය තුළ ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි. 

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පළාත් පාලනය සම්බන්ධයෙන් පැවැති ගැටලූව ද ඊයේ (31) අවසන් වුණා. ඒ මෙතෙක් පළාත් පාලන ඒකක දෙකක් ලෙස පැවැති නුවරඑළිය දිස්ත‍්‍රික්කය ඒකක 6කට බෙදා වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමගයි.

ඒ අනුව නුවරඑළිය බලප‍්‍රදේශයට කොටගල සහ ආගරපතන ලෙස අලුතින් ප‍්‍රාදේශීය සභා දෙකක් එක්වනු ඇති. නොර්වුඩ් සහ මස්කෙළිය ලෙස අලුතින් බලප‍්‍රදේශ දෙකක් එක්වන්නේ අඹගමුව බල ප‍්‍රදේශයටයි.

කෙසේවෙතත් මෙතෙක් බහුතර බෞද්ධ ජනතාවක් ජීවත් වන අඹගමුව ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයට අයත්ව තිබූ ශ‍්‍රී පාදස්ථානය මේ හේතුවෙන් තම ප‍්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බව පවසමින් ප‍්‍රදේශවාසීන් ඊයේ දිනයේ ද විරෝධතාවල නිරත වුණා. 

කන්ද උඩරට ප‍්‍රගතිශීලී ජනතා ව්‍යාපාරය මෙම උද්ඝෝෂණයේදී ඉල්ලා සිටියේ ශ‍්‍රී පාදස්ථානය අඹගමුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයටම ඇතුළත් කරන ලෙසයි.

නව තීරණයට විරෝධය පළකරමින් පිරිසක් ඉදිරියේදී අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට ද සූදානම් වනවා. එසේ වුවහොත් යළිත් පළාත් සභා මැතිවරණය කල්යාමට ඉඩ ඇත්දැයි නෙත් නිවුස් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළා.

අධිකරණ කි‍්‍රයාමාර්ගයකට එළඹුණහොත් එහි ප‍්‍රතිඵල ලැබෙන කාලය පිළිබඳ නිශ්චිතව කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර අම්පාර කල්මුණේ සයින්දමර්දු ප‍්‍රදේශයට ප‍්‍රාදේශීය සභාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිදුකරන හර්තාල් ව්‍යාපාරය දෙවන දිනටත් ඊයේ කි‍්‍රයාත්මක වුණා.

1987 වසරේදී කල්මුණේ නගර සභා බල ප‍්‍රදේශයේ පිහිටුවූයේ සයින්දමර්දු ඇතුලූ ප‍්‍රදේශ කිහිපයක් සම්බන්ධ කරමින්. හර්තාලයට එක්වූවන් පවසන්නේ තමන්ට කල්මුණේ නගර සභා බල ප‍්‍රදේශයෙන් වෙන්වීමට අවශ්‍ය බවයි.

මේ අතර පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය කිරීමේදී කල්පිටියේ ජනතාව වෙත අසාධාරණයක් සිදුව ඇති බවට ද චෝදනා එල්ල වෙනවා. 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබයි

Posted by Neth News on Tuesday, October 31, 2017

[rns_reactions]